25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රේගුවේ ගුදම් ඉඩකඩ පුළුල් කෙරේ.

රේගුවේ ගුදම් ඉඩකඩ පුළුල් කෙරේ.

රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා………නිදහසින් පස්සේ තමයි මෙවැනි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවලා තිබෙනවා. මෙහිදි පොල්තෙල් පමණක් සමස්ත පාරිභෝගික ද්‍රව්‍ය පිළිබඳ තිබෙන දැවැන්ත ප්‍රශ්න රැසක් තිබෙනවා. එවැනි අවස්ථාවක අපි පැමිණිලා වෙළෙඳඇමැතිගේ මූලිකත්වයෙන් මාස හතක පමණ කාලය තුල එම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙමින් සිටින අවස්ථාවක තමයි මේ පොල්තෙල් කතාව එළියට පැමිණියේ. එසේ එළිකිරීම යහපත්වන අතර එහි භයානක පැත්තකුත් තිබෙනවා. ඒ තමයි ජනතාව තුල අද අනිසි බියක් ඇතිවෙලා තිබෙනවා. පොල්තෙල්වල වසවිස තිබෙනවා කියලා. ඒ නිසා මිලත් වැඩිවෙලා තිබෙනවා පොල්තෙල් හිඟයක් ඇතිවෙයි කියලා. මේවා තමයි අහිතකර තත්ත්වයන්. මේ අය තමන් සිටින ක්ෂේත්‍රයේ යම් අඩුපාඩුවක් ගැන අවංකව පෙන්වාදුන් අතර එය දේශපාලයට යොදාගෙ රජයටත්,ජනාධිපතිටත් මඩ ගහන්න විපක්ෂයේ ඇතැම් අය කටයුතු කරන්න පටන් ගත්තා. ඒ නිසා අපේ යුතුකම හා වගකීම වන්නේ නැවැත මෙවැනි තත්ත්වයක් ඇති නොවෙන්න කටයුතු කිරීමයි. විපක්ෂයේ අය හිස තෙල් ගාන්නත් ආණ්ඩුව නැති කළා කිව්වාට හිස තෙල් ගාන්න පොල්තෙල් නොවෙය ගන්නේ කියන්න ඒ අය දන්නේ නැහැ. ඊට ගන්නේ තල,මී,අබ,කොහොඹ,එඬෙරුයන තෙල්වර්ගයි නානුත් සමග යොදාගන්නේ. කතාබහට ලක්වු තෙල් මේවනවිට කන්ටේනර් හයක් ප්‍රතිඅපනයනයට නැව් ගත කරලයි තියෙන්නේ. ඉතිරි ඒවාගැන රේගුව විසින් පරීක්ෂණ කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා මේ ක්‍රියාවලියේ අඩුපාඩුකම් ඇති. පොල්තෙල් විතරක් නොවේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක් සඳහා අපි මේ අඩුපාඩුව දැක්කා. ආනයනයෙන් පසු රේගුව සාම්පල් අරගෙන පෞද්ගලික ගුදම්වලට යැවීම අඩුපාඩුවක්. මෙය අපි නිවැරැදි කර ගත යුතුයි. දැනට අපේ රටට ආනයන කරන භාණ්ඩු ගබඩා කරන්න ඉඩකඩ තිබෙන්නේ අක්කර නවයක පමණ ප්‍රමාණයකයි. ඒ නිසා මුතුරාජ ප්‍රදේශයේ අක්කර විස්සක් අරගෙන ඉන්පසු මේ සෑම කන්ටේනරයක්ම මුතුරාජවෙල අංඟනයට යවලා දීර්ඝ කාලීන වැඩපිළිවෙල හැටියට එය ආරම්භ කර තිබෙනවා. ඒ නිසා දැන් පොල්තෙල් හා මිරිස් රේගුව විසින් පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු එළියට ලබාදීමක් සිදුකරන්නේ නැහැ. එපමණක් නොවේ රේගුව එම කටයුතු සී.අයි.ඩි. එකටත් භාරදීලා ඒ පරීක්ෂණ කටයුතු සිදුවෙනවා. මේ ආනයනය කරන ඇෆලටොක්සීන් ප්‍රමාණයට වඩා තිබෙන පොල්තෙල් වෙළඳපොලේ තිබෙනවාද කියලා. මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමිතිය තිබෙන්නේ බිලියනයකට ඒකක තිහකට වඩා වැඩියෙන් තිබෙන්නේ හොඳ නැහැ කියලයි. ඊට අමතරව වෙ‍ළෙඳ ඇමැතිගේ විශේෂ ඉල්ලීමකට අනුව වෙළෙදපොළෙන් නියැඳි එකසිය විසිපහක් අරගෙන පරීක්ෂණ කරනවා. ඉන් එකසිය නවයක ප්‍රතිඵල අපිට ලැබි තිබෙනවා. ඒ සියල්ල සෞඛ්‍ය ආරක්ෂිතයි. ඉදිරියටත් පාරිභෝගික අධිකාරිය මේ කටයුතු දිගටම සිදුකරනවා. ඒ නිසා පොල්තෙල් පිළිබඳ අනිසි බියක් ඇති කරගන් වුවමනා නැති බවයි කියන්න ඕනේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments