22.7 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeකලා පුවත්සියලුම සිනමා ශාලා වසා දමයි

සියලුම සිනමා ශාලා වසා දමයි

කොවිඩ් ව්‍යාප්තිය මර්දනයට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊඡයේ (07 වැනිදා) විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරනු ලැබීය. එම උපදෙස් මාලාවට අනුව විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන, පෞද්ගලික උපකාරක පන්ති, සිනමා ශාලා සහ රංග ශාලා වසා තැබිය යුතුය. එමෙන්ම කිසිදු ආකාරයක සංදර්ශනයක්, සංගීත ප්‍රසංගයක් හෝ වෙරල සාද ආදී මහජනතාව ඒකරාශි වන වැඩසටහන් ආදිය පැවැත්වීමද තහනම් වේ.

කැසිනෝ, රාත්‍රි සමාජ ශාලා, ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන, සම්බාහන මධ්‍යස්ථාන, නිලනිවාසවල සංචාරකයන්ට නවාතැන්දෙන ස්ථාන සහ දිනය ගත කිරීම සඳහා කාමර ලබාදෙන ස්ථානද වසා තැබිය යුතුය.

බෝඩින් කාමරවල සම්පූර්ණ නවාතැන්කරුවන් ගණන පවත්වාගෙන යාහැකි නමුත්, අලුතින් කිසිවෙකුටවත් නවාතැන් ලබාදීම තහනම් වේ. බන්ධනාගාරවල රැඳවියන් හමුවීම සඳහා බාහිර පුද්ගලයින්ට අවසරයක් ලබා නොදේ. සියලුම ආගමික ස්ථානවල ඒකරාශීවීම් සංවිධානය නොකළ යුතුය. එක් වරකදී ආගමික ස්ථානයක මුළු ධාරිතාවයෙන් සියයට පනහක් පමණක් උපරිම 50 දෙනෙකුගේ සංඛ්‍යාවකට යටත්ව රැඳීසිටීමට හැකිය. අසුන්ගෙන මත්පැන් පානය කරන ස්ථාන, තැබෑරුම් වසා තැබේ.

විවෘත කර තැබිය හැකි ස්ථාන

විවෘත පොළ භූමි, ආර්ථික මධ්‍යස්ථාන, බේකරි ,සිල්ලර වෙළෙඳසල් (පාරිභෝගිකයින් අනිවාර්යයෙන්ම මීටරයක දුරස්ථභාවයෙන් සිටිය යුතුය) කොණ්ඩා කපන ස්ථාන සහ රූපලාවණ්‍යාගාරවල සේවාවන් ලබාදිය යුත්තේ එක් වරකදී ඒවායෙහි ඉඩ පහසුකමෙහි මුළු ධාරිතාවයෙන් සියයට 75 කට පමණි. නිමි ඇඳුම් වෙළෙඳ සල්, සංචාරක හෝටල්, තානායම්, කායවර්ධන මධ්‍යස්ථාන, පිහිනුම් තටාක, නතරවී ආහාර ගන්නා අවන්හල් වල සේවාවන් සැපයිය හැකි වන්නේ එක් වරකදී එහි ධාරිතාවයෙන් සියයට පනහක පිරිසකට පමණි. සුපිරි වෙළෙඳ සල්,සාප්පු සංකීර්ණ,බැංකු,මූල්‍ය ආයතන,උකස් මධ්‍යස්ථානවලට එක් වරකට ඇතුළුවිය හැක්කේ එහි මුළු ධාරිතාවයෙන් සියයට 75 ක පිරිසකට පමණි. මත්පැන් අලෙවි කරන සුරාසල් විවෘතව තැබේ.සුරාසල් අසල රැඳී සිටිය හැක්කේ එහි සම්පූර්ණ පිරිසෙන් අඩකට පමණි.එමෙන්ම,මෙම ස්ථානවල සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිළිපැදිය යුතුය. විවාහ මංගල උත්සව සඳහා ශාලාවේ ඉඩ ඇති ප්‍රමාණයෙන් සියයට පනහක් පමණක් සහභාගි කරවාගත යුතුය. එමෙන්ම මංගල උත්සවවල උපරිම ආරාධිතයින් සංඛ්‍යාව 200 කට සීමා කළ යුතුය. අවමංගල්‍ය අවස්ථා සඳහාද සහභාගි වියයුතු පිරිස එම ස්ථානයේ ඉඩ පහසුකම අනුව උපරිම ධාරිතාවයෙන් සියයට පනහක් පමණි. රජයේ රෝහල්,පුද්ගලික රෝහල්,‍‍ මධ්‍යස්ථාන සහ රසායනාගාර,ඉදිකිරීම් සිදුකෙරෙන වැඩබිම් සාමන්‍ය පරිදි විවෘතව තැබෙන අතර,ඒවායෙහි මාර්ගෝපදේශ පිළිපැදීම අනිවාර්ය වේ.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ හුදකලා කරන ලද ප්‍රදේශ හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සඳහා මෙම උපදෙස් මාලාව අදාළ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments