29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් යෝජනා කර...

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් යෝජනා කර ඇති සංශෝධන ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඬලයේ අනුමැතිය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් යෝජනා කර ඇති සංශෝධන ඇතුළත් කිරීමට (18) රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිතය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පසුගියදා පාර්ලිමේන්තුව වෙත යොමුකර තිබූ අතර අද කථානායකවරයා විසින් එම තීන්දුව සභාවේදී ප්‍රකාශ කළේය.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ.

එම පනත් කෙටුම්පතේ පරිච්ඡේද 8ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබේ.

කථානායකවරයාට ලැබී තිබූ අදාළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පනත් කෙටුම්පත කියවා බැලූ විට “එහි නියාමන ව්‍යුහය අපැහැදිලි බවත් එම කොමිෂන් සභාවට අත්තනෝමතික බලයක් ලැබෙන බවත්” එබැවින් ව්‍යවස්ථාවේ 12 (01) වගන්තිය හා අනනුකූල බවය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments