සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර එක්දින තරඟාවලියේ පළමු තරඟය අද (23) ඩකාහිදී පැවැත්වීමට නියමිතය.
තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වේ.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා එක්දින තරඟ 48ක් පවත්වා තිබෙන අතර ශ්‍රී ලංකාව ඉන් තරඟ 39ක්ම ජයගෙන තිබේ.
බංග්ලාදේශය ජයගෙන ඇත්තේ තරග 7ක් පමණයි.
මේ අතර බංග්ලාදේශය සමඟ අද ආරම්භ වන එක්දින තරඟාවලියේ දී පන්දු රැකීම කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා එක්දින නායක කුසල් ජනිත් පෙරේරා පවසයි