25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මැයි 25, මැයි 31 සහ ජූනි මස 04 යන දිනයන් හිදී සියළුම...

මැයි 25, මැයි 31 සහ ජූනි මස 04 යන දිනයන් හිදී සියළුම සතොස අලෙවි සැල් මහජනතාවට විවෘතව තබන්න. වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

දිවයින පුරා පවත්නා හදිසි තත්වය මත පැනවූ සංචරණ සීමා තුළ, අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පමණක් අවසරය ලබා දීමට රජය ගෙන ඇති තීරණය මත මැයි 25, මැයි 31 සහ ජූනි මස 04 යන දිනයන් හිදී සියළුම සතොස අලෙවි සැල් මහජනතාවට විවෘතව තබන මෙන් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සතොස සභාපති ඇතුළු සියලු නිලධාරීන් වෙත ඊයේ(24)උපදෙස් ලබා දුන්නේය..

ඒ අනුව සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද සඳහා දැඩිව අනුගත වෙමින් නිවසින් එක් අයෙකුට පමණක් බැහැර වී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා අවසර ලබා දෙන මෙකී දිනයන්හිදී ආසන්නතම සතොස අලෙවිසැලට ගොස් අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ පහසුව මහජනතාවට ලබා දීම මෙම අවස්ථාවේදී අතිශය වැදගත් හා අත්‍යාවශ්‍ය කර්යයක් වන බැවින් දිවයින පුරා සතොස අලෙවිසැල් විවෘතව තැබීමටත්, නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමටත් එම අලෙවිසැල් වල සේවකයන්ට අවශ්‍ය උපදෙස් ලබා දිය යුතු බව ද අමාත්‍යාවරයා මෙහිදී කීවේය.

එමෙන්ම මැයි මස 30 දින සිය ජුනි 07 දින දක්වා සංචරණ සීමා බලපැවැත්වෙන කාල සීමාව තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක සහන මගු ලබා ගැනීමටත්, ජංගම වෙළෙඳ කටයුතු සිදු කිරීම සඳහා අවසරය ලබා ඇති වෙළෙඳුන්ට අවශ්ය් භාණ්ඩ තොග ලබා ගැනීමටත් සතොස විවෘත කිරීමට කටයුතු කරන මෙන් සතොස කාර්ය මණ්ඬලයට ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments