බන්ධනාගාර තුලට අධිකරණයෙන් දඩුවම් කර පිටත සමාජයෙන් පැමිණෙන සිර/සැකකරුවන් කොවිඩ් 19 වෛරස ආසාධිත පුද්ගලයන් ලෙස බන්ධනාගාරගත වීමේ හැකියාවක් තිබේ. මෙම තත්වය නැති කිරීම මගින් දැනට බන්ධාගාරගතව සිටින රැඳවියන් කොවිඩ් ආසාධිතයන් වීමේ අවධානමින් මුදවා ගැනීම සඳහා බන්ධනාගාර ගතවන්නන් සඳහා ඇප ලබාදීමේ නව මාර්ගෝපදේශයක් නිකුත් කර ඇත. එය දැනට බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් වඩාත් ප්‍රයෝගික හා සාධනීය පියවරකි.
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමා විසින් අධිකරණ අමාත්‍ය ගරු අලි සබ්රි මැතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණ අමාත්‍යතුමන්ගේ උපදෙස්මත ගරු නීතිපති තුමන් වෙත 2020-05-19 දින ලිපියක් මගින් මේ සම්බන්ධව කරුණු වාර්ථා කර ඇත. එම ලිපියට අනුව ගරු නීතිපතිතුමන් විසින් පොලිස්පති තුමන් වෙත බන්ධනාගාර රැඳවියන්ගේ තදබදය අවම කිරීමට පියවර ගැනීම සම්බන්ධව නව ඇප මාර්ගෝපදේශ ඇතුලත් ලිපියක් 2021-05-20 දින යොමු කර ඇත.
එයට අනුව,
01). හෙරොයින් සම්බන්ධව නඩු පැවරීමේදී හෙරොයින් ග්‍රෑම් 02 කට වඩා අඩුවන අවස්ථාවලදී යන කාණ්ඩයට පසුව හෙරොයින්හි දළ බර ප්‍රමාණය ග්‍රෑම් 02 ත් 04ත් අතර වශයෙන් ඇප ලබාදීම සඳහා නව කාණ්ඩයක් හඳුන්වාදීම සුදුසු බව නීතිපති තුමා විසින් පොලිස්පති තුමන් වෙත දන්වා ඇත.
02). හෙරොයින් මත්ද්‍රව්‍ය පානය සඳහා ඇබ්බැහිවූවන් සහ ශුද්ධ බර ග්‍රෑම් 01 කට අඩුවන ප්‍රමාණක් ඇති වන අවස්ථාවලදී විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ පනතේ 54 A වගන්තිය යටතේ අධිකරණයට කරුණු වාර්ථා නොකිරීම මුඛ්‍ය පරමාර්ථය වන අතර එකී පනතේ 78 (5) (අ) වගන්තිය යටතේ කරුණු වාර්ථා කිරීම මගින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් මෙම ප්‍රශ්න ගත අවස්ථාවේදී බන්ධනාගාරග තුලට යොමුවීම වලක්වාලිය හැකි බව නීතිපති තුමන් විසින් පොලිස්පතිතුමන් වෙත දන්වා ඇත.
03). විමර්ශණයේදී අනාවරණය වන කරුණු අනුව හෙරොයින් හි දළ බර ග්‍රෑම් 02 ත් ග්‍රෑම් 04ත් අතර කාණ්ඩයේ සැකකරුවන්ට මාස 03 ක් ඇතුලත ඇප ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවට අදාල මහේස්ත්‍රාත් අධිකරණයන් දැනුවත් කළ යුතු බවත්, මෙවැනි අවස්ථාවලදී ඉහත කී පනතේ 78 (5) (අ) වගන්තිය යටතේ අධිකරණයට කරුණු වාර්තා කළ යුතු බවටත් නීතිපතිතුමන් විසින් පොලිස්පති තුමන් වෙත උපදෙස් ලබා දී ඇත.
04). තවද වසර 01 ක සිර දඬුවමකින් දඬුවම් කල හැකි වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන මුල් අවස්ථාවේදීම ඔවුන්ට ඇප ලබාදීමට විරුද්ධ වීම සඳහා සුවිශේෂ කරුණු නොමැත්තේනම් ඇප ලබාදීමට විරුද්ධ නොවන බව අධිකරණයට වාර්තා කලයුතු බවට පොලිස්පති වෙත උපදෙස් ලබා දී ඇත.
05). ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්ථා කරන අවස්ථාවේදී වින්දිත දැරිය අවුරුදු 11 ට වඩා අඩු නොවන සහ/හෝ සැකකරු අවිවාහක සහ/හෝ ඔවුන් අතර ප්‍රේම සම්බන්ධයක් තිබුන බවට සාක්ෂි අනාවරණය වන්නේ නම් මුල් අවස්ථාවේදීම එවැනි සැකකරුවන්ට ඇප ලබාදීමට විරුද්ධ නොවන බවට අධිකරණයට වාර්ථා කරන ලෙසට වැඩි දුරත් උපදෙස් ලබා දී ඇත.
මෙම කරුණු මේ වන විට මතු වී ඇති කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ බන්ධනාගාර තුල සිටින රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කරන ලද නිර්දේශයන් බවත්, සුදුසු පසු අවස්ථාවකදී නැවත සමාලෝචනය කිරීමට බාධාවක් නොවන බවත් වැඩිදුරටත් නීතිපතිතුමන් විසින් පොලිස්පති තුමන් වෙත දැනුම් දී ඇත..