ශ්‍රී ලංකාව එදා පටන්ම ආසියාවෙත් ලෝකයෙත් මහා ප්‍රජාත්නත්‍රවාදී බලවත් රටක් හැටියටයි හඳුන්වා දී තිබෙනවා. අප එයින් ප්‍රයෝජනය ගත යුතුයි. එක්සත් ජාතික පක්ෂය ඊට සූදානම්. මේ සඳහා අවුරුදු 18-28 අතර අනාගත තරුණ පරම්පරාව එක්සත් ජාතික පක්ෂය වටා පෙළගස්වමින් සිටිනවා යැයි එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන මහතා කියා සිටියි.
නිදහසින් පසුව අප රටේ බොහෝ දේ විනාශ වී තිබෙනවා. නිදහස ලබා ගන්නට ප්‍රථම විදේශීකයන්ගෙන් අප රටට බොහෝ දේ ලැබී තියෙනවා. රේල් පාරවල්,මහා මාර්ග හැදුණා. තේ කර්මාන්තය හඳුන්වා දුන්නා. ඛනිජ සම්පත් ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය වෙමින් තිබුණා. ඒ කාලේ සිට රට ඉදිරියට ඇවිත් තිබුණේ එලෙසයි.ඒ ආකාරයට රටට සිදු වුණ හොඳ දේවලුත් තිබෙනවා. ඒ වගේම පාඩුත් සිදුව තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සංවිධාන කිහිපයක් සමග අද (28) පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
නිදහස ලැබුවාට පසුව අප නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ඇති කළා. නිදහස් කෘෂි කර්ම සමාජයක් ඇති වුණා. එකළ මහ රජවරුන් මහා ජලාශ ඉදි කර කුඹුරු ලක්ෂ ගණනක් නගුලට යට කරලා සහලින් රට ස්වයංපෝෂිත කිරීමට කටයුතු කළා. 1977 න් පසුව විවිධ පාර්ශව සහ පිරිස් අපට බැණවදිමින් සිටියත් තාක්ෂණය පැත්තෙන්
රට ඉස්සරහට අරන් ආවේ එක්සත් ජාතික පක්ෂය වන අපයි. අද අපිටම බණින රූපවාහිණිය ලංකාවට හඳුන්වා දුන්නෙත් අපිමයි. දුරකථන ජාල සම්පූර්ණයෙන්ම වෙනස් කළා.මීට නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය බැනුම් ඇහුවා.දොස් ඇහුවා. නමුත් ඒ මොන විවේචන ආවත් එක්සත් ජාතික පක්ෂය රට ඉදිරියට රැගෙන ගියා.
මෙි රට ගොඩගන්න නම් අවුරුදු 10 ක් 15 ක් එක දිගට යන්න පුලුවන් යකඩ වගේ ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් හදාගන්න ඕනෑ බව
පාර්ලිමේන්තුවට පිවිසුණු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ මේ හේතුව නිසයි.ඒ සඳහා අපි සියලු දෙනා සමග වාඩි වී කතා කළ යුතුයි. කිසිම පක්ෂයක් අතහැරලා අපට මේ රට දියුණු කරන්න බැහැ. රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ අදහස අනුව එක්සත් ජාතික පක්ෂය කල්පනා කරන්නේ ස්ථාවර ජාතික ප්‍රතිපත්ති රාමුවක් තුළ සියළු දෙනාගේ එකඟත්වය ඇතුව රට අවුරුදු 10 ක් 15 ක් ඉදිරියට ගෙන ගොස් පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගන්නයි.
1977 ට කලින් විදේශගත වෙන්න පුළුවන්කම තිබුණේ ලොකු පවුල්වල කිහිපදෙනකුට විතරයි .එය වෙනස් කර ගමේ තරුණ තරුණියන්ට පිටරට ගිහින් අධ්‍යාපනය ලබාගෙන හෝ රැකියා කර ඉදිරියට යන්න පාර කැපුවේ එක්සත් ජාතික පක්ෂයයි. අද ලක්ෂ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් රටින් පිටතත් දියුණු වෙලා ඉදිරියට ගිහින් සිටිනවා.
රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ මීළඟ ඉලක්කය අපේ රටේ පිරිස පිටරට ගිහින් වැඩ කරනවා වෙනුවට අපේ රට තුළම තරුණ තරුණියන්ට ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් හැදීමයි.එමෙන්ම ලෝකයේ සිටින තරුණ තරුණියන් ලංකාවට ගෙනැවිත් ලංකාවේ රැකියා කර රට ඉදිරියට ගෙන යන්න මග පෑදීමයි.
ජනතාව මෙි කාරණය පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඒ නිසා මෙි මොහොතේ ජනතාව ඉතා සිහි කල්පනාවෙන් වැඩ කළ යුතුයි. එසේ නැතිව” අරක නිකං දෙනවා, මේක නිකං දෙනවා” කියා විනෝද සටන් පාඨ කියන අයට අනාගතය බාර දෙන්න හොඳ නැහැ. යම් කිසි සුබ සධන කටයුත්තක් ඉදිරිපත් කරනවා නම් සුබසාධන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නෙ කොහොමද කියන්නත් ඒ නායකයාට පුලුවන් විය යුතුයි.
එක්සත් ජාතික පක්ෂය සිදු වුණ අඩු පාඩු මග හැරලා ඉදිරියට යන්න පුලුවන් ක්‍රමයක් හදනවා. මේ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ නායකතුමත් අපිත් සැලසුම්කරන්නේ එයයි.ඒ ගැන කිසිම සැකයක් අවිශ්වාසයක් තබාගන්න එපා.අපි මේ මහා සමාජ විප්ලවය සිදු කරනවාමයි. ඒකට ජනතාවගේ සහයෝගය අවශ්‍යයි. මේ සඳහා ජනතාව සිහිබුද්ධියෙන් ක්‍රියා කළ යුතුයි.
2015 ජනවාරි 08 ඉඳලා 2019 අග බාගය වෙනතුරු අප රටේ විශාල වෙනස්කම් ඇති කළා. අපේ අසල්වැලි රට ඉන්දියාව සමගත් සහයෝගයෙන් වැඩ කළා. ඉන්දියාවේ විශාල ජනගහනයක් ඉන්නවා. ඒ අයට අපේ දේවල් අලෙවිකරන්න පුලුවන් තැනට ඉඩ ප්‍රස්තාව සැකසිය යුතුයි.ඊට බය වෙන්න හොඳ නැහැ.ඒ සඳහා අවශ්‍ය කරන්නේ දේශපාලනයේ හොඳ කළමණාකරුවන් පිරිසක් පමණයි. කවුරු ආවත් බය වෙන්න ඕන නැහැ. හොඳට කළමනාකරණය දන්නවා නම් ඕන දෙයකට මුහුණ දෙන්න පුලුවන්. ඒක හොඳට කරන්න පුලුවන් අපේ රනිල් වික්‍රමසිංහ නායකතුමාට පමණයි.
එසේ සිදු නොකර එක පැත්තකට රට ඇදගෙන ගියොත් ලෝකෙන් ශ්‍රී ලංකාව කොන් වෙලා යයි. මුලු ලෝකයත් සමගම අපි වැඩ කළ යුතුයි. ඉන්දියාව, චීනය, යුරෝපය ඇතුළු හැම රටක් සමගම වැඩ කරන්න යුතුයි. ඒ හැම රටකම දැනුම ශ්‍රී ලංකාවට ගේන්න ඕන. ඒ හැමෝගෙම ධන සම්පත් භාවිතා කරලා ලංකාව දියුණු කරගන්න ඕන. විනෝදයට අත්පොළසන් දීලා, අපහාස කරලා, හූ කියලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ.
දැන් විනෝදයට අත් පොළසන් දීලා බොරු සටන් පාඨ කියලා මහ ජනයා රැවැට්ටුවා හොඳටම ඇති. රනිල් වික්‍රමසිංහ නැමැති කෘතහස්ත දේශපාලඥයගේ සුවිශේෂී ලක්ෂණය වන්නේ ඔහු මහජනයා මුලා කළේ නැහැ. මහජනයාට බොරු කළේ නැහැ.හැම විටම ඇත්ත ප්‍රකාශ කළා. ඇත්ත කියලා පැරදිලා එක්සත් ජාතික පක්ෂය ගෙදර ගියා. අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්න කණ්ඩායම් හරියට කතා පවත්වනවා. පසුගිය අවුරුදු හතරහමාරෙ කළ හොඳ වැඩ ඔවුන්ගේ බවත් අසාර්ථක දේවල් අපේ බවත් ඔවුන් කියනවා. එහෙම කරන්න එපා. ඒක වැරදියි. සාමූහික වගකීමෙන් වැඩ කළ යුතුයි. කවුරුත් ඈත් වෙන්න ඕන නැහැ. හැමෝම ළං විය යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ සංකල්පය එයයි.
ඩී.එස්. සේනානායක මහත්මයා එක්සත් ජාතික පක්ෂය හැදුවේ සියලු ජාතින් එකමුතු කරගෙනයි. ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාවය තහවුරු කරගෙනයි. ඒ ගමන රනිල් වික්‍රමසිංහ නායකතුමාට හොඳින් යන්න පුලුවන් බව එතුමා 2015 දී ජනවාරි 08 වෙනිදා මේ රට බාර අරගෙන ඔප්පු කරලා පෙන්නුවා. ප්‍රජාතන්ත්‍රවාදයේ අමාරුම දේ වන්නේ වැඩිදෙනෙක් එක්ක වැඩ කිරීමයි. වැඩි දෙනෙක් සමග ඉදිරියට යාමයි.