අදවනවිට ජනතාව ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා එදාවේල සපයා ගන්න බැරිවෙලා ජීවනබර දරා ගන්න බැහැ . රජය බලයට ආවේ පොහොර නොමිලේ ලබා දෙනවා කියලා රට ස්වයංපෝෂිත කරනවා කිව්වා නමුත් අද ගොවියා කුඹුරට බැහැලා මාර්ග වල ඉදන් පොහොර ඉල්ලා උද්ඝෝෂණ කරනවා .අපි දකිනවා පුවත්පත් හා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ගොවියාට අත්වී තිබෙන ඉරණම . මාගෙ පියා ගාමිණී දිසානායක මැතිතුමා එදා ආර්ථිකය කෘෂිකර්මය ශක්තිමත් කරන්න දැවැන්ත වැඩපිළිවෙළක් සිදු කරා එයට ශක්තිමත් කණ්ඩායමක් සිටිය යුතු බව එතුමා එදා කිව්වා .ගිය ආණ්ඩුව එම වැඩපිළිවෙළ සාර්ථකව සිදුකරා නමුත් මේ ආණ්ඩුව එය කඩාකප්පල් කරලා .පොහොර ප්‍රශ්න ජනතාවගේ ප්‍රශ්නයක් බවට පත්වෙලා මේ රජය විපක්ෂයේ කියන දේ අහන්නෙ නැහැ .අපි කිව්වා අර්බුදයක් අවස්ථාවේ විපක්ෂයේ අයත් සම්බන්ධ කරගෙන කමිටුවක් හදන්න කියලා එය ගන්න ගත්තේ නැහැ ආණ්ඩුව තනි මතයට කටයුතු කරනවා විපක්ෂනායක එදා එන්නත ගැන කිව්වම අවශ්‍ය නැහැ කියලා පැණිය දෙන්න කටයුතු කරා .ලෝකයේ අනිත් රටවල් මේ වනවිට වෛරස පාලනය කරලා එම රටවල් විවෘත කරන්න හදනවා එම රටවල මේ වනවිට අවශ්‍ය සෞඛ්‍ය මානසික රැකවරණය දෙන්න කටයුතු කරලා .
හැටනම ලක්ෂයක් හිතුවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඕනැම ප්‍රශ්නය කට මුහුණ දෙන්න පුළුවන් කියලා ඒ වගේම රට සංවර්ධනය කරයි කියලා හිතුවා නමුත් අද සර් ෆේල් වෙලා එය අපි කියපු දෙයක් නොවේ ජනතාවගේ මතයයි .
අද ආර්ථිකය කඩා වැටිලා ණයබර වැඩි වෙලා රජය විසදුමක් විදියට මුදල් අච්චු ගහනවා එය විසදුමක් නොවේ.අපි දැක්කා පසුගියදා බැංකු හා උකස් ස්ථාන වල විශාල ලෙස ජනතාව පිරී තිබුණා ඒ තරම් ජනතාව අසරණභාවයට පත්වෙලා .අපේ රටට ජීඑස්පී සහනය නැතිවෙමින් යනවා .යහපාලන රජය ලොකු උත්සාහයක් ගෙන තමයි එය ලබා ගත්තේ මේ රජය එය අහිමි කරමින් යනවා .
මේ රජය අධ්‍යාපන ලබන දරුවන් වෙනුවෙන් කිසිම වැඩපිළිවෙළක් සකස් කර නැහැ .දරුවන් ගස් ගල් උඩ ඉගෙන ගන්නේ .අද සිටවත් එයට නිසි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජයට අවධාරණනය කරනවා .ජාතිය ඇමතුවාට රටේ දැවෙන ප්‍රශ්න හා විසදුම් ගැන කතා කරේ නැහැ .
අද එන්නත් කරණ කිමිටුවේ විශේෂඥයින් දෙදෙනෙක් ඉල්ලා අස්වෙලා රටේ දක්ෂයින් සිටිනවා රජය ඔවුන් එකතු කර ගැනීමට අපොහොසත් වෙලා .
අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන අද කණගාටු වෙනවා දිවංගත මගේ පියා තමයි මේ රටට ටෙස්ට් වරම් ලබා දෙන්න කටයුතු කරේ එදා ලෝක කුසලානයක් රටට ගේන්න කටයුතු කරා එහි කෙළෙහිගුණයක් විදියට අර්ජුන රණතුංග එම කුසලානය නිවසට ගෙනත් පෙන්නුවා .අපේ රටට ඉදිරියට ලෝක කුසලානයක් ගැන හිතන්න බැරි තත්ත්වයට පත්වෙලා .අපි බලාපොරොත්තු වුනා ක්‍රීඩා අමාත්‍යාංශය තරුණ ඇමතිවරයෙක් පත්කරද්දි විශාල පෙරලියක් කරයි කියලා නුමුත් එසේ වී නැහැ .
රටේ ජනතාව බලාපොරොත්තු වෙන රටක් ගොඩ නැගීමේ හැකියාව තිබෙන්නේ සමගි ජන බලවේගයට හි එහි නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට පමණයි.