වනජීවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් රාජකාරි කිරීමේදි ආයතනවල හා එකිනෙකාගේ වෘත්තීයන්වල ගෞරවය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් විනයක් පැවතිය යුතු බව සමස්ත ලංකා වනජීවි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඒ.පී.එස්. විදානගමගේ මහතා ප්‍රකාශ කරයි.
මෙහිදි වැඩිදුරටත් ‘දිනමිණ’ වෙත අදහස් දැක්වු එම සංගමයේ ලේකම්වරයා කියා සිටියේ
මේවනවිට අදාල හමුදා නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර තිබෙන බවයි. එය ස්වාධීන අධිකරණයේ කටයුත්තක් බවත් ඒ ගැන කිසිදු ප්‍රශ්නයක් තම සංගමයට මතු නොවන අතර සෑම වෘත්තීයකම, ආයතනයකම රාජකාරි කරන නිලධාරීන් එකිනෙකාගේ ගෞරවය ආරක්ෂා කරන්න ක්‍රියා කළ යුතු අතර මේ සම්බන්ධයෙන් බොහෝ දුරට අද සවස මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට සිය සංගමය කටයුතු කරන බව විදානගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.