21.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්දඹුල්ල​ පෞද්ගලික ආයතනයකට ඛනිජ වැලි නිකුත් කිරීම අත්හිටුවන්න

දඹුල්ල​ පෞද්ගලික ආයතනයකට ඛනිජ වැලි නිකුත් කිරීම අත්හිටුවන්න

කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ‘ලංකා මිනරල් සෑන්ඩ්ස් ‘ලිමිටඩ්’ ආයතනනයේ පුල්මුඩේ යන්ත්‍රාගාරයේ සිට දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් වෙත ඛනිජ වැලි නිකුත් කිරීම වහා අත්හිටුවීමට ඇමති විමල් වීරවංශ විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

පුල්මුඩේ සිට දඹුල්ල ප්‍රදේශයට ගෙන එන වැලිවල විකිරණශීලී ස්වභාවයක් ඇති බවට පේ​රාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අධ්‍යාංශයේ මහාචාර්ය අතුල සේනාරත්න සිදු කළ අනාවරණයෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය විසින් ඉල්මයිට් සහිත ඛනිජ වැලි පිරිපහදු කිරීමෙන් අනතුරුව ඉතිරි වන අපද්‍රව්‍ය පෞද්ගලික ආයතන වෙත ලබාදීමේදී අනුගමනය කරන ලද ක්‍රියාවලිය පිළිබඳ වහාම සොයා බලන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත. ‘‘දඹුල්ලේ ඇති වූ විකිරණශීලී වැලි ප්‍රශ්නය’ සහ ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයනතයේ මෙහෙයුම් පිළිබඳ සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කිරීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments