29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දළදා මාලිගාවෙන් කෞතුක භාණ්ඩ සොරාගැනීමට ගිය අයෙක් අත්අඩංගුවට

දළදා මාලිගාවෙන් කෞතුක භාණ්ඩ සොරාගැනීමට ගිය අයෙක් අත්අඩංගුවට

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයේ කෞතුක භාණ්ඩ සොරකම් කිරීමට උත්සාහ කළ පුද්ගලයකු දළදා මාලිගාව පොලිස් ස්ථානය මගින් (07 පෙරේදා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී දළදා මාලිගාව ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයේ පෞරාණික වටිනාකමින් යුත් කෞතුක වස්තු මෙන්ම විවිධ අනුරූ සහ රටවල් රැසක වටිනා භාණ්ඩ තැන්පත් කොට ඇති අතර මෙම සෑම ප්‍රදර්ශන කුටියක් සඳහාම විශේෂිත වූ රක්ෂිත උපක්‍රම ස්ථාපිත කොට ඇති බව සඳහන් වේ.

සැකකාර පුද්ගලයා කෞතුකාගාරය නරඹන අතරතුරම රන්සිවි, රිදී පබළු සහිත කෞතුකාගාර සංරක්ෂිත භාණ්ඩ 05ක් සොරකම් කොට ඇති බව සඳහන් වන අතර එය ආරක්ෂිත කැමරාවල සටහන් වී ඇත.

එම අවස්ථාවේ ලෝක බෞද්ධ කෞතුකාගාර සේවයේ නියුතු නිලධාරීන් සැකකටයුතු පුද්ගලයා අල්ලා ශ්‍රී දළදා මාලිගා පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු යොදා තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත් සැකකරු කුණ්ඩසාලය පෙදෙසේ පදිංචි 23 හැවිරිදි අයෙක් වන අතර ඔහු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහගේ උපදෙස් මත දළදා මාලිගාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල බණ්ඩාර මහතා විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments