21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්SLT-MOBITEL ග්‍රාමීය ප්‍රදේශ ඩිජිටල් බලයෙන් සවිමත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව...

SLT-MOBITEL ග්‍රාමීය ප්‍රදේශ ඩිජිටල් බලයෙන් සවිමත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දරණ උත්සාහයට අත්වැලක් වෙයි.

ගමට සන්නිවේදනය ව්‍යාපෘතිය යටතේ පනාන ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රථම 4G කුලුන විවෘත කෙරේ 

2021 ජූලි 05, කොළඹ: ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, නවීන ඩිජිටල් තාක්ෂණය මහජනතාව වෙත සමීප කරවීමේ අරමුණින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ක්‍රියාවට නංවා ඇති ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය යටතේ පනාන ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රථම 4G කුලුන විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේ ය.  

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක මහතා සහ SLT-MOBITEL සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා, Mobitel වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා ඇතුළුව SLT-MOBITELදෙපාර්ශ්වය හා රජය නියෝජනය කරන පිරිසක් සහ තවත් විශේෂ ආරාධිතයන් පිරිසක් එක්වූහ.  

ගමට සන්නිවේදනය ව්‍යාපෘතිය යටතේ විවෘත කරන ලද ප්‍රථම 4G කුලුන මෙය වන අතර, සබරගමුව පළාතේ සම්බන්ධතා පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට විශාල දායකත්වයක් දක්වනු ඇත. SLT-MOBITELසහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අතර හවුල්කාරීත්වය, පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේද යටිතල පහසුකම් අවශ්‍යතා සපුරාලමින් සහ, රටේ ග්‍රාමීය ප්‍රජාවන් ඩිජිටල් සම්බන්ධතා වලදී මුහුණ දෙන බාධාවන් අවම කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සපයමින්, රටට 100% ක් 4G LTE සම්බන්ධතාව ලබාදීම යන මූලික දැක්ම සාක්ෂාත් කරගැනීමට උපකාරී වනු නිසැක ය. එමෙන්ම, SLT-MOBITEL මෙම ව්‍යාපෘතියට දායක වී සිටීම, ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනය කරා යන ගමනට විශාල ශක්තියක්ද වනු ඇත.   

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments