21.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeක්‍රීඩා පුවත්ඉතාලිය දිනු පාපන්දු කුසලානය.

ඉතාලිය දිනු පාපන්දු කුසලානය.

වසර 53 කට පසු යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවක් දිනා ගැනීමට ඉතාලිය අද අලුයම සමත් වුණා. ඒ, හැරී කේන් ප්‍රමුඛ එංගලන්ත කණ්ඩායම පරාජය කරමින්. අවසන් මහා තරගය ලන්ඩන් නුවර ඓතිහාසික වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවති අතර තරගයේ නියමිත කාලය අවසන් වූයේ දෙපිළම ගෝල එක බැගින් ලබා ගනිමින්.

පළමු අර්ධයේ දෙවන මිනිත්තුවේදී එංගලන්තය පළමු ගෝලය වාර්තා කරමින් ඉතාලි කණ්ඩායමට ආරම්භයේදීම පීඩනයක් එල්ල කළා. ඒ අනුව පළමු අර්ධය නිමාවූයේ එකට බින්දුවක් ලෙස එංගලන්තය පෙරමුණ ගනිමින්. දෙවන අර්ධයේ 67 වන මිනිත්තුවේදී ඉතාලිය ගෝලයක් වාර්තා කිරීමත් සමග මෙම අවසන් මහා තරගය තියුණු මුහුණුවරක් ගනු ලැබුවා.

නියමිත කාලය අවසන් වනවිට දෙපිළම ගෝල එක බැගින් ලබාගැනීම හේතුවෙන් ජයග්‍රාහකයින් තෝරා ගැනීම සදහා අතිරේක කාලයක් ලබාදුන් අතර එහිදී දෙපිළම ගෝල වාර්තා කිරීමට සමත් වුයේ නැහැ. ඒ අනුව මෙවර යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ ශූරයින් තෝරාගැනීම සදහා දඩුවම් පහර අවස්ථාව ක්‍රියාත්මක කෙරුණා. එහිදී ගෝල 3 ට 2 ක් ලෙස තියුණු ජයක් වාර්තා කළ ඉතාලි පාපන්දු කණ්ඩායම වසර 53 කට පසු යුරෝපා පාපන්දු ශූරතාව සිය මව්රට වෙත රැගෙන ගියා.

විසි එක්වැනි පාපන්දු ලෝක කුසලාන මංගල්‍යය ජුනි 14 වන දා රුසියාව සහ සවුදි අරාබිය අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතය. ඔලිම්පික් ක්‍රීඩා මංගල්‍යට පමණක් දෙවැනි වන පාපන්දු ලෝක ශූරතාවයේ මෙවර සත්කාරකයා රුසියාවයි. මීට ප්‍රථම 1930 වසරේ සිට 2014 වසර දක්වා විසි වතාවක් මෙම ලෝක කුසලාන තරගාවලිය පවත්වා තිබේ. වසර හතරකට වරක් පැවැත්වෙන මෙම පාපන්දු මංගල්‍යය (1942 සහ 1946 දෙවන ලෝක යුද්ධය හේතුවෙන්) අවස්ථා දෙකේදී පමණක් පැවැත්වීමට හැකි නොවීය.

FIFA ලෝක කුසලානය හෝ සරල වශයෙන් ලෝක කුසලානය යනු, මෙම ක්‍රීඩාවෙහි ගෝලීය පාලන කායය වන්නාවූ සම්මේලන පාපන්දු පිළිබඳ ජාත්‍යන්තර ඒකාබද්ධ මණ්ඩලය Fédération Internationale de Football Association (FIFA) සාමාජිකයන්ගේ, ජ්‍යෙෂ්ඨ පිරිමි ජාතික කණ්ඩායම් විසින් තරග වැදෙනු ලබන ජාත්‍යන්තර සම්මේලන පාපන්දු තරගාවලියකි. 1942 සහ 1946 දී දෙවන ලෝක යුද්ධය නිසාවෙන් එය නොපැවැත්වුනු අවස්ථාවන්හිදී හැර, 1930 ප්‍රාරම්භක තරගාවලියෙහි පටන්, සෑම සිව්වසරකට වරක්ම මෙම ශූරතාවය පිරිනමුනු ලැබ ඇත. වත්මන් ශූරයන් වන්නේ 2014 තරගාවලිය දිනූ ජර්මනිය වෙති.

තරගාවලියෙහි සඳහා වර්තමානයෙහි පවතින තරග පැවැත්වීමේ ක්‍රමය අනුව මසක් පමණ කාලයක් තුල සත්කාරක ජාතියට (ජාතීන්ට) අයත් ස්ථාන තුල ශූරතා අභිධානය උදෙසා කණ්ඩායම් 32 ක් තරග වදිති – මෙම අවධිය බොහෝවිට හැඳින්වෙන්නේ ලෝක කුසලානය අවසන් තරග යනුවෙනි. සත්කාරක ජාතිය(න්) හා ඇතුළුව තරගාවලිය සඳහා සුදුසුකම් ලබන්නේ කුමන කණ්ඩායම් දැයි තීරණය කරනු වස් වර්තමානයේ තරගාවලිය පැවතෙන ප්‍රකාරයට අනුව මෙම අවසන් අවධියට පෙරාතුව තුන් අවුරුදු කාලයක් පුරා සුදුසුකම් ලැබීමේ අවධියක් පැවැත්වෙයි.

දැනට පවත්වා ඇති ලෝක කුසලානය තරගාවලී 19 දිනා ඇත්තේ ප්‍රභින්න ජාතික කණ්ඩායම් අටක් විසිනි. බ්‍රසීලය පස්වතාවක් ජයග්‍රහණය කර ඇති අතර, සැම තරගාවලියකදීම තරග වැදුනු එකම කණ්ඩායම ඔවුහූ වෙති. ලෝක කුසලානයේ අනෙකුත් ජයග්‍රාහකයන් වන්නේ ජයග්‍රහණ සතරක් සමග වන ඉතාලිය; ජයග්‍රහණ තුනක් සමග වන ජර්මනිය; එකිනෙකා ජයග්‍රහණ දෙකක් සමග වන්නාවූ ආර්ජන්ටිනාව සහ එයට අමතරව ප්‍රාරම්භක ජයග්‍රාහකයන්ද වූ උරුගුවේ; සහ එකිනෙකා එක් ජයග්‍රහණයක් සමග වූ එංගලන්තය, ප්‍රංශය, සහ ස්පාඤ්ඤය වෙති.

ලෝකයේ වඩාත් පුළුල් ලෙසින් නරඹන්නාවූ ක්‍රීඩා ඉසව්ව ලෝක කුසලානය වෙයි; නිමානය කෙරුණු මිලියන 715.1 ක ජනකායක් ජර්මනියේ පැවැත්වූ 2006 FIFA ලෝක කුසලානයෙහි අවසන් තරගය නැරඹූහ.[1]

ඊලඟ ලෝක කුසලාන තුන සඳහා සත්කාරකත්වය සපයනු ලබනු ඇත්තේ 2014දී බ්‍රසීලය විසින්, 2018දී රුසියාව විසින් සහ, 2022දී කටාර් විසින් වෙති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments