29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මත්ජාවාරමුන්ගේ සහෝදරයකුගේ නිවස පිටුපස රුපියල් එක්කෝටි තිස්නව ලක්ෂයක මුදලක් සොයා ගැනීමට...

මත්ජාවාරමුන්ගේ සහෝදරයකුගේ නිවස පිටුපස රුපියල් එක්කෝටි තිස්නව ලක්ෂයක මුදලක් සොයා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත්වේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහන මහතා.

පසුගිය මාස කිහිපය පුරා ශ්‍රී ලංකාවේ දකුණු දිග මුහුදු තීරයට හෙරොයින් , ආයුධ ගෙන එන ලැබුවා. මේ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විශේෂ මෙහෙයුම් රැසක් සිදුකරනු ලැබුවා. එමෙන්ම අදාල බෝට්ටු පැදවු අය අත්අඩංගුවට ගනු ලැබුවා. එම බෝට්ටුවල ගමන් කළ අයද අයිතිකරුවන්ද අත්අඩංගුවට ගෙන තවදුරටත් පරීක්ෂණ සිදුකරනු ලැබුවා. මේ මගින් දැනට මාස කිහිපයකට පමණ පෙර හෙරොයින් වර්ගයේ කිලෝ 298ක් හා ආයුධ රැගෙන ආ බවට තොරතුරු තිබුණා. එම මත්ද්‍රව්‍ය තොග සොයා ගැනීමට හැකියාව ලැබුණා. ඒවා ගැන තවදුරටත් විමර්ශනය කිරීමේදි අනාවරණයවී තිබෙන්නේ දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ සිටින නදුන් චින්තක නොහොත් හරක් කටා සහ ඔහුගේ සහයකයෙකු වන චරිත් සඳකැළුම් නොහොත් රන්මල්ලී පුද්ගලයින් විසින් බවයි. මෙම රන් මල්ලි ගැන තව දුරටත් පරීක්ෂණ පවත්වන විට කරුණු අනාවරණය වුණේ ඔහුගේ බිරිඳගේ සහෝදරයෙකු අත් අඩංගුවට ගනු ලැබුවා. එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ කොට්ටාව හිරිපිටියේපදිංචිව සිට අත් අඩංගුවට ගනු ලැබු මෙම පුද්ගලයාගේ නිවසේ පිටුපස වලදමා තිබු රුපියල් එක්කෝටි තිස්නව ලක්ෂයක මුදලක් සොයා ගැනීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සොයාගනු ලැබුවා.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුල මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට හා ඉන් උපයන ලද මුදල් සඟවා ගැනීමට තමන්ගේ බිරිඳගේ සහෝදරයා යොදාගෙන තිබෙන බවට වාර්තාවෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙනවා. මෙම මුදල මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සොයාගන්නා ලද මුදල් ලෙසත් විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබාදීමට තිබු මුදල් බවට අනාවරණයවී තිබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments