22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්පෙර පාසල් ගුරුවරුන් 1500 ක් සඳහා “ගුරු අභිමානී” ශිෂ්‍යත්ව පිරිනැමේ. රාජ්‍ය ඇමැති...

පෙර පාසල් ගුරුවරුන් 1500 ක් සඳහා “ගුරු අභිමානී” ශිෂ්‍යත්ව පිරිනැමේ. රාජ්‍ය ඇමැති පියල් නිශාන්තගේ ප්‍රධානත්වයෙන්.


පෙර පාසල් ගුරුවරුන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ “ගුරු අභිමානි” ශිෂ්‍යත්ව වැඩසටහන 20 වන දින බත්තරමුල්ල,සෙත්සිරිපාය පරිශ්‍රයේදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් මැතිතුමන්ගේ හා කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන  සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවි
මෙහිදී එංගලන්තයේ LONDON SCHOOL OF EDUCATION ආයතනය මගින් එක් ගුරුවරයෙකුට රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමකින් යුක්ත වන පරිදි මෙරට  පෙර පාසල් ගුරුවරුන් 1500ක් සඳහා මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැමිණි. මෙම පාඨමාලව සඳහා මස 06ක කාලයක් ගතවන අතර, එය අවසානයේදී ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් ගුරුවරුන්ට හිමිවේ. එමෙන්ම මෙම වැඩසටහනට සමගාමිව මනස සෙමෙන් වර්ධනය වන දරුවන්ට ඉතා ඉහල වටිනාකමකින් යුත් පෝෂණ මල්ලක් පිරිනැමීම හා වයස අවුරුදු 8 ට වැඩි දරුවන් හා වැඩිහිටියන් සඳහා ලෝකයේ දෙවන වතාවට භාෂා 10ක් ඉගෙනගැනීමට හැකි YOU TUBE නාලිකාවක් ආරම්භ කිරීමද මෙහිදී සිදුවිය.
මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමන් සඳහන් කලේ මෙවැනි වැඩසටහනක් එංගලන්තයට පසු ලෝකයේ ප්‍රථම වරට ලංකාවේ ආරම්භ කිරීමට හැකිවීම වෙනුවෙන් තමන් නිහතමානිව සතුටු වන බවයි. එමඟින් දරුවන්ගේ භාෂා ඥානය දියුණු වීම ලෝකය හා ගනුදෙනු කිරීමේදී දරුවන්ට එය ඉවහල් වන බවත් එතුමන් මෙහිදී ප්‍රකාශ කරන ලදී. එමෙන්ම තම ඉලක්කය අවම වශයෙන් ඉදිරි අවුරුදු 05 අවසන් වන විට භාෂා 05කට වැඩි නිපුණතාවයකින් යුත් දරු පරපුරක් බිහි කිරීම බවද වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීනි මුදිතා ද සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ, බස්නාහිර පළාත් පෙරපාසල් අධ්‍යක්‍ෂ මහින්ද කොඩිතුවක්කු, ක්‍රේම්බිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝන් වයිට්, ස්පිනැකල් ස්කූල් ඔෆ් ඉන්ග්ලිෂ් ආයතනයෙ සභාපති කළමනාකරණ අධ්‍යක්‍ෂ චමින්ද ඩි.සිල්වා, ස්පිනැකල් ස්කූල් ඔෆ් ඉන්ග්ලිෂ් ආයතනය වෙනුවෙන් ආචාර්ය ප්‍රසන්න වීරසිංහ, ඇට්ලස් ඇක්සිලියා සමාගමේ අධ්‍යක්‍ෂ ඉන්ද්‍රජිත් බිංදුහේවා යන මහත්ම මහත්මින් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා මහතා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුද, රාජ්‍ය නිලධාරින්ද  මෙම වැඩසටහන සඳහා සහභාගිවූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments