23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ගුරුවරුන්ගේ මූලික වැටුප වැඩි කිරීමට සීයයට සීයක් එකඟ වුණත්?- ඇමැති ආචාර්ය බන්දුල...

ගුරුවරුන්ගේ මූලික වැටුප වැඩි කිරීමට සීයයට සීයක් එකඟ වුණත්?- ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

ගුරුවරුන්ගේ මූලික වැටුප සියයට සියයකින් වැඩි විය යුතු බවට මා එකඟවු නමුත් මෙය ඊට නිසි වේලාව නොවේ යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(23) දින වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය………..සමස්ත ලෝකයටම බලපා ඇති උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ මෙරට පවත්නා සුබසාධනවාදී රාජ්‍ය ප්‍රතිපත්තිය දිගින් දිගටම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් කටයුතු කර තිබෙනවා. රුපියල් බිලියන 1216ක් වූ 2020 වර්ෂයේ රටේ සමස්ත ආදායමෙන් 86%ක ප්‍රමාණයක් වැටුප් හා වේතන වෙනුවෙන් වැය කර තිබෙනවා. ඒ හේතුවෙන් රටේ අනෙකුත් වියදම් දැරීම සඳහා ප්‍රමාණවත් ආදායමක් ලබා ගැනීමට නම් මහජනතාව වෙත අධික බදු බර යෙදීම හෝ වියදම් කපා හැරීම හෝ රටේ සම්පත් විකිණීමට සිදුවීම,ඕනෑම ආණ්ඩුවකට මුහුණ දීමට සිදු වන තත්වයක්..

නමුත් පසුගිය රජයේ කිසිදු ලෝක ව්‍යසනයක් හෝ වෙනත් උවදුරක් හෝ නොමැතිව අධික ණය ලබා ගැනීම, දේශීය සම්පත් කිසිදු වග විභාගයකින් තොරව විකුණා දැමීම මෙන්ම ජනතාව මත අධික බදු බර පැටවීම සිදු කරමින් වසර 05ක් තුළ සම්පූර්ණයෙන්ම විනාශ කරන ලද ආර්ථිකයක් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට භාරගත්තා. රටේ පැවැති ගැටළු විසඳමින් රට පවත්වා ගැනීම සඳහා කටයුතු කරමින් සිටියදී ඇති වූ ලෝක ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සමස්ත ලෝකයේම නොවූ විරූ පරිදි මහජනතාවට බදු සහන ලබා දෙමින් රට පවත්වා ගෙන යනු ලබන ආකාරය අපි කාගෙත් අවධානයට ලක්විය යුතුයි.

පසුගිය දින වල මා සඳහන් කළ කරුණක් සාවද්‍ය මතයක් ඇති වන ලෙස සමාජගත කිරීමට යම් මාධ්‍ය ආයතන කටයුතු කිරීම හේතුවෙන් ගුරු වැටුප් සම්බන්ධයෙන් ද අදහස් දක්වන්න කැමැතියි.

” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරණ කාල සීමාව තුළ අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් මෙරට ගුරුවරුන්ගේ හා සිසු දරුවන්ගේ පැත්තේ සිටගත් අපි කිසිදු අවස්ථාවක දී ඔවුන්ට අසාධාරණයක් වීමට ඉඩ තැබුවේ නෑ. එමෙන්ම වැටුප් සම්බන්ධ ගැටළුව නිරාකරණය සඳහා අනෙකුත් රාජ්‍ය සේවයේ අංශ වෙත බල නොපාන පරිදි ක්‍රියාත්මක වීමට අවශ්‍ය නෛතික තත්වය ඇති කිරීමට කටයුතු කරමින් සිටියදී සිදු වූ ආණ්ඩු මාරුවත් සමඟ සම්පූර්ණයෙන්ම එම ක්‍රියාවලිය නතර වුණා. එමෙන්ම ගුරුවරුන්ගේ මූලික වැටුප සියයට සියයකටත් වඩා වැඩි විය යුතුය යන මතයට මා සම්පූර්ණයෙන්ම එකඟයි. මෙරට අනාගත පරපුර වෙනුවෙන් අවශ්‍ය සේවය වැඩි වශයෙන් ලබා ගැනීමටත් වැඩි කාලයක් සිසු දරුවන් වෙනුවෙන් වෙන් කිරීමටත ඒ තුළින් ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කර පෝෂණය කිරීමටත් හැකියාව ලැබෙනවා. නමුත් දේශපාලන අරමුණු හා සටන් පාඨ සඳහා අපේ ජාතියේ දරුවන්ගේ අනාගතය බිල්ලට දීමට කටයුතු නොකොට ජනාධිපති සහ අධ්‍යාපන ඇමැති සමඟ සාකච්ඡා කොට සිය ගැටළු නිරාකරණය කරගැනීම මේ අවස්ථාවේදී ඉතාම වටිනවා. එමෙන්ම උග්‍ර ආර්ථික අර්බුදයක් හමුවේ වැටුප් වැඩි කර දියව් දියව් යන්නට සමගාමීව ජනතාවගෙන් ගනිව් ගනිව් යන සටන් පාඨය නිතැතින්ම නැඟෙනවා. ජනතාව ජීවත් වීම උදෙසා අරගලයක නියැලෙන මෙවැනි කාල සීමාවක දී ඔවුන් වෙත තවත් බදු පැනවීම කිසිසේත් කළ නොහැකි බව අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුයි. “
ඒ අනුව අපි නිතරම කටයුතු කළේ මේ රටේ උතුම් ගුරු වෘත්තියට සහ ඔවුන්ගේ මත ජීවිතය ලබා ගැනීමට වෙර දරණ සුවහසක් දූ දරුවන්ගේ යහපත වෙනුවෙන් අපි කටයුතු කළ යුතුයි යන උදාර තේමාව සමඟයි. එමෙන්ම රටේ දරුවන් අනාගතය වෙනුවෙන් සූදානම් කළ යුතුයි. ඒ අනුව සාකච්ඡාව සම්මන්ත්‍රණය හා සම්මුතිය මඟින් ගැටළු විසඳීම සඳහා සූදානම් බවට පැහැදිලි ප්‍රතිපත්තියක සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා , රජය හා අධ්‍යාපන ඇමැති සමඟ සාකච්ඡා කොට විසඳීම් ලබා ගනු හැර මෙවැනි අර්බුදකාරී වාතාවරණයක වර්ජනය කිරීම අනුමත කළ නොහැකීයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments