ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ, සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයෙහි නිලධාරින්ට මහජනතාවගෙන් ලද තොරතුරු මත 2021. 08. 03 වන දින වත්තල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක දී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 200ක තොගයක් සමග සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය.
අත්අඩංගුවට ගන්නා ලද කිලෝ ග්‍රෑම් 2 බැගින් පැකට් කරන ලද කේරල ගංජා තොගයේ සිල්ලර වටිනාකම රුපියල් හාරකෝටි හැත්තෑ හය ලක්ෂයක් (47,600,000/=) ඉක්මවන අගයක් ගන්නා බව එම නිලධාරීන් පවසයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා වත්තල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 33, 37 හා 56 යන වයස් වල පදිංචි පුද්ගලයන් වන අතර ඔවුන්ට එරෙහිව (04) වන අද දින වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කරූණූ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. තවද මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයෙහි සුරාබදු අධිකාරී සමන්ත කොස්තා මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවේ.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතාගේ හා සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ (නීති ක්‍රියාත්මක කිරීම්) මහතාගේ උපදෙස් මත සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයෙහි සුරාබදු අධිකාරී සමන්ත කොස්තා මහතා ගේ අධීක්ෂණය යටතේ සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයෙහි ස්ථානාධිපති සුරාබදු පරීක්ෂක ජානක ඩයස් මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂක රණවීර, සුරාබදු කෝප්‍රල්වරුන් වන 673 රත්නායක, 827 චමින්ද, 897 නුගේතැන්න, 906 මානවඩු, සුරාබදු නියාමකවරුන් වන 1060 ගයාන්, 1101 අල්විස්, 1176 චානුක සහ සුරාබදු රියදුරු දිල්රුක් යන නිලධාරීන් විසින් මෙම වැටලිම සිදු කරන ලදි.