කොවිඩ් වසංගත සමයේ පෞද්ගලික බස්රථ හිමියන්ගේ ආදායම පහළ බැසීම හේතුවෙන්,ප්‍රවහන අධිකාරිය සහ ගමනාගමන කොමිසමෙහි දැනට ලියාපදිංචි වී ඇති සමස්ථ බස්රථ 18,000 සඳහාසහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
මේ වැඩසටහන යටතේ(ඉන්ධන, රක්ෂණ, බැටරි ඇතුළත්ව) සහන පැකේජයක් හඳුන්වා දෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වාහන නියාමනය,බස්රථ ප්‍රවහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කීය. සාකච්ඡාව දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
බස්රථ රියැදුරන් සහ රියැදුරු සහායකයින් ඇතුළු බස්රථ සේවකයින් කොවිඩ් තර්ජිත කණ්ඩායමකි.ඔවුන්ගෙන් 80% ක් ආවරණය වන පරිදි පළමු එන්නත දී ඇති අතර දෙවන එන්නත 50%කට පමණ ලබාදී ඇතිබවත් පැවසූ අමාත්යකවරයා ඉතිරි සියලු සේවකයින්හට කඩිනමින් කොවිඩ් එන්නත දෙන බව පැවසීය.
ගම්සැරිය වැඩසටහන මගින් ගමේ සිට ප්රමධාන නගර වෙත ජනතාව ගෙනයන බස් සේවාව, නගර බස් සේවාව (City Bus Service)කඩිනමින් ක්රි යාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා දැනටමත් බස්රථ 600ක් ඇනවුම් කරඇති බවත්, සතොස සමග එකතු වී ඉන්ධන පිරවුම්හල් 107ක් ඉදිකොට ඒවා සියළුම බස්රථවලට සහ ජනතාවටද විවෘතව තබන බවත් රාජ්ය් අමාත්ය්වරයා සඳහන් කළේය.
බස්රථ ධාවනයට සුදුසු තත්ත්වයක පවතීද යන්න සොයා බැලීමට යෝග්යාතා පරීක්ෂණකිරීම සඳහා පහසුකම් සලසන බවත්සතොස සමග එකතු වී රටපුරා අමතර කොටස් අළෙවි සැල් (outlets) විවෘත කිරීමටක්රි්යා කරන බවත් අමුණුගම මහතා පැවසීය. ඒ සඳහා දැනටමත් යන්ත්රහසූත්රර ගෙන්වා ඇතිබව අමාත්ය්වරයා සඳහන්කළේය.
පළාත් අතර බස්රථවල ගමන් ගන්නා මගීන්ට ගිමන් නිවන ස්ථාන හඳුන්වාදෙමින් ආහාර අළෙවි සැල් ජාලයක් ලංගම මගින් සිදුකිරීමට අදාළ මූලික කටයුතු අවසන් කර ඇති බවත් එය ලබන වසර මුල ආරම්භ කරන බවත් රාජ්යග ඇමතිවරයා පැවසීය.
එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරණායක මැතිතුමාගේ කාලයේ අපේ රටේ බස්රථ සහ ඒවාට අවශ්යහ ටයර්, බැටරි, එන්ජින් ආදිය නිපදවන කර්මාන්තශාලා තිබුණු බැවින් නැවතත් එම කර්මාන්තශාලා ගොඩනැගීමට කඩිනම් ක්රිනයාමාර්ග ගන්නා බවත් අමුණුගම මහතා කීය.
1 වසරේ සිට 5 වසර දක්වා දරුවන් පාසල්වලට ගෙනයාමට සහ නැවත නිවසට ගෙනඒමට පෙර ගෙවුම් ක්රරමයටවෙනම බස්රථ සේවාවක් ක්රිමයාත්මක කිරීමට වැඩපිළිවෙලක් සකස්කර ඇති බවත්,ඒවායේ සේවය සඳහා පාලක පාලිකාවන් බඳවා ගනුලබන්නේපෙරපාසල් පිළිබඳ පාඨමාලා හැදෑරූ තරුණ තරුණියන් බවත් වැඩිදුරටත් අමාත්‍ය වරයා පැවසීය.