ජනතාව වෙනුවෙන් වගකිව යුතුයි විපක්ෂයක් විදියට යුතුකම කාර්යය වගකීම් අනිවාර්යෙන්ම ඉටු කරනවා අපි රටට ආදරයෙන් එම නිසා තමයි කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ සඳහා අවශ්‍ය යෝජනා ලබා දෙන්න අපි කැමති.
අපි දැක්කා මාධ්‍ය හරහා රජයේ එන්නත් කිරීමේ වැඩපිළිවෙළ අපි කැමතියි සියලුම ජනතාව නිවැරදි ප්‍රමිතියකින් එන්නත්කරණය ලබාදෙන්න.ඒ පිළිබඳව විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවෙත් කතා කරා එහිදී එතුමා කියා සිටියා වයස 12න් ඉහළ දරුවන්ට එන්නත් ලබා දී පාසල් විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්න එසේ විවෘත කිරීමට පෙර එම අවශ්‍ය එන්නත් කරණය සිදු කරන මෙන් ඉල්ලා.
ඒ වගේම විදේශ රැකියා සඳහා බලාපොරොත්තු වෙන අපේ රටට විශාල විදේශ විනිමය ලබාදෙන ඒ රටවල් පිළිගන්න එන්නත් ලබාදීමට කටයුතු කර යුතුයි .
බොහෝ රටවල් සයිනෆාම් එන්නත පිළිගන්නේ නැහැ එම රටවල් වලට ගැලපෙන එන්නත ලබාදීමට කටයුතු කළ යුතුයි එහිදී පලමු මාත්‍රාව හා දෙවන මාත්‍රාව නිවැරැදි කාලයට ලබා දියයුතුයි එසේ සිදුකර රටේ ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා .
සෞඛ්‍ය අංශ ගැන කතා කරන විට පීඑච්අයි මහත්වරුන්ට වක්‍ර ආකාරයෙන් බලපෑම් කරනවා එය නිවෙස් වල ප්‍රතිකාර ලබා මියයන කෝවිඩ් මරණ ලෙස වාර්තා නොකරන ලෙසට මරණ නිවසේ සිදු වූ බවට වාර්තා නොකරන්නත් තර්ජනය කරලා ඒ වගේම නිවැරදි දත්ත ඉදිරිපත් නොකරන ලෙස තර්ජනය කරනවා මේ දිනවල පැතිරෙන ඩෙල්ටා රැල්ල නිසා ඉදිරි දින කිහිපයේදී භයානක තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවෙනවා. මෙය ජනතාව බිය ගන්වන්න කරන ප්‍රකාශයක් නෙමෙයි නමුත් රජය හරි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි එහිදී රට සති කිහිපයකට වහන්න අවශ්‍ය නම් එම ක්‍රියාමාර්ගය ගත යුතුයි අපේ ජනතාව රටේ වටිනා සම්පතයි මිනිස් ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. අපේ රටේ ජීවිත අපි ආරක්ෂා කළ යුතුයි .
මේ වනවිට විදේශ සේවා අමාත්‍යාංශය හරහා සූදානම් තිබෙනවා විදේශ සේවය පෞද්ගලීකරණය කරන්න එය පුද්ගලික අංශයෙන් සේවකයින් බඳවා ගෙනයි .එයට වරප්‍රසාද ලබා දෙන වැඩපිළිවෙළක් රජයේ තිබෙනවා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටයි එම ක්‍රිරියාමාර්ග පිළිබඳව රජයට නැවත මතක් කරනවා එහිදී සේවකයන් රජයේ සේවයට බඳවාගෙන අවශ්‍ය පුහුණුවීම් සිදු කරල එම අය තිබෙන ක්‍රමවේදයන් හරහා සිදු කරන ලෙස ඉල්ලා සිටිනවා . රජය බලාපොරොත්තු වන්නේ ගජ මිතුරන්ට ව්‍යාපාරිකයන්ට මේ අවස්ථාව ලබා දෙන්නයි .මේ වන විට රජය සූදානම් වෙලා සිටින්නේ විදේශ අමාත්‍යංශය හරහා පෞද්ගලික ආයතන වල අයට එම අවස්ථාව ලබා දෙන්නයි.මේ රටේ මීට පෙර සිදු වෙලා එය නැහැ අපිට පාරම්පරික ක්‍රමවේදයක් තියෙනවා රජයේ සේවයට එන අයට යම් බලාපොරොත්තු වෙනවා බලාපොරොත්තු සියල්ල සුන් වෙනවා වෙනවා.
රටේ ආර්ථිකය මේ වනවිට බිද වැටිලා එයට පිලියම්ක් විදියට උදයංග වීරතුංග විදේශිකයන් රුසියාවෙන් මේ රටට ගෙන්වන බව කියා තිබෙනවා නමුත් එයට ක්‍රමවේදයක් තිබිය යුතුයි ඔවුන් එන්නත්කරණය සිදුකර තිබෙනවාද සොයා බැලිය යුතුයි. ඉන්පසුව තමයි බබල් එකක් තුල සංචාරකයන් ගෙන්වා ගත යුතුයි . මීට පෙරත් යුක්රේන සංචාරකයන් ගෙන ආපු විදිය අපි දැක්කා එහිදී රටට වුනු හානිය අපිට මතකයි .ඒ ගැන සමගි තරුණ බලවේගය පැමිණිල්ලක් කරා. නමුත් රජය සූදානම් වෙන්නේ ඒ ආකාරය නැවත කරන්නයි එය අපි තරයේ හෙලා දකිනවා .