මෙවර එනම් අගෝස්තු මස 23 වන දින සිට සැප්තැම්බර් මස 05 වන දින දක්වා ජපානයේ ටෝකියෝ හි පැවැත්වීමට නියමිත පැරාලිම්පික් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා සුදුසුකම් සපුරන ලද යුධ හමුදා ක්‍රීඩකයින් හත් දෙනකු එක් වනු ඇත.
මේ අනුව මෙම පැරාලිම්පික් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති යුද්ධ හමුදා ක්‍රීඩකයින් ඔරු පැදීම , දුනු විදීම , රෝද පුටු ටෙනිස් තරගාවලි මෙන් ම , කවපෙත්ත විසිකිරීම, යගුලිය විසි කිරීම, ආදී මලල ක්‍රීඩා ඉසව් වෙනුවෙන් සහභාගී වී සිය දස්කම් දක්වනු ඇත.එමෙන්ම මෙවර ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන පැරාලිම්පික්2020 තරගාවලිය වෙනුවෙන් සහභාගී වීමට නියමිත යුද්ධ හමුදා ක්‍රීඩකයන්ට අමතරව ඔවුන්ගේ පුහුණුකරුවන් සහ ක්‍රීඩා පරිපාලන නිලධාරීන් ඇතුළු 17 දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් ජපානයේ ටෝකියෝ නුවර බලා ඉදිරි කාල සීමාව තුළ පිටත් වීමට ද නියමිත ය.
මෙම පැරාලිම්පික් තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉලක්කයට දුනු විදීමේ තරග ඉසව්ව වෙනුවෙන් තරඟ වදින ශ්‍රී ලංකා යුද හමුදාවේ කෝප්‍රල් සම්පත් බණ්ඩාර එම තරග ඉසව්ව වෙනුවෙන් පදක්කමක් දිනා ගනු ඇතැයි අපේක්ෂිතය.