නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල අද (13) සිට දින තුනක කාලයක් සියලු වෙළෙඳසැල් හා ඖෂධ සැල් වසා දැමීමට තීරණය කර ඇති බව පොලීසිය පවසයි.
මෙම තීරණය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව, කිසියම් පුද්ගලයෙකු වෙළෙඳසැලක් විවෘත කර ව්‍යාපරික කටයුතු සිදුකරන්නේ නම් ඊට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.