29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්20 වන සංශෝධනය අක්‍රීය කල යුතුයි - අමරපුර / රාමඤ්ඤ...

20 වන සංශෝධනය අක්‍රීය කල යුතුයි – අමරපුර / රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාවෙන් නිවේදනයක්

ප්‍රජාත්‍රන්ත්‍රවාදයට එරෙහි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අක්‍රීය කිරීමට වහාම පියවර ගත යුතු බව ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාව පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය සුරැකෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට කටයුතු කළ යුතු බව එම සභාව පෙන්වා දෙයි.

රට තුළ ආන්දෝලනයකට තුඩු දෙමින් පවතින 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අමරපුර සාමග්‍ර  සංඝ සභාව සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංඝාවේ භික්ෂුන් වහන්සේ මේ බව සඳහන් කළේය.

මෙහිදි අදහස් දැක්වු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහලේඛාධිකාරී පුජ්‍ය අත්තංගනේ ශාසන රතන හිමි පවසා සිටියේ, “මේක කාගේ හරි පුද්ගලික උවමනාවක් මත කරන දෙයක් ලෙස තමයි එදා ස්වාමීන් වහන්සේලා අදහස් දැක්වුයේ. පුද්ගල කේන්ද්‍රීයව තමයි මේක හදිසියේ ගේන්නේ කියලා. එහෙම නැත්නම් රටේ සාකච්ඡාව තිබුණේ අලුත් ව්‍යවස්ථාවක් හදන්න තමයි 19 සංශෝධනයේ යම් අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා, සකස් කර ගෙන ඉදිරියට රට යන්න පුළුවන් තත්ත්වයක් තිබිය දී, මේවගේ දැඩි වසංගත තත්ත්වයක් රට පුරා ව්‍යාප්ත වෙලා යද්දි අපිට තියෙන්නේ මේ වගේ රටේ අනාගතය සම්බන්ධ ගැටලුවක එල්ලිලා කාලය කා දැමීම නෙමෙයි. මේ වසංගත තත්ත්වයෙන් රට මුදවාගෙන ඊට පස්සේ පුළුවන් සියලු පක්ෂ එකතු වෙලා මේ අලුත් ව්‍යවස්ථාව රටට හදන්න. මේක ඉතාම බේදනීය තත්ත්වයක් හැටියට තමයි අපි හඳුනාගෙන තියෙන්නේ. නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමක් හැටියට. මේක පිළියම් සෙවිමක් හැටියට තමයි මේ ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කරන්නේ“ යනුවෙනි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments