29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPකොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගෙන් සියයට 30ක් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මිය යනවා....

කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගෙන් සියයට 30ක් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මිය යනවා. වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසයි.

කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගෙන් සියයට 30ක පමණ පිරිසක් කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මියයන බව මුල්ලේරියාව සහ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධාන විශේෂ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ කොවිඩ් දේහ සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව මේ බව තහවුරු වී ඇති බවය.

මේ වනවිට කොවිඩ් දේහ 100ක පමණ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර ඇති බව වෛද්‍ය චන්න පෙරේරා මහතා සඳහන් කළේය.

“මම ප්‍රථම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළේ 2020 වසරේ මැයි 5 වනදා. අපේ රට මුල් අවස්ථාවේදීම කොවිඩ් මරණ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කරපු රටක්. කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින් 100කගේ පශ්චාත් මරණ පරීක්ෂණ අපි කරලා තියෙනවා. ඒවා සියල්ලකම පාහේ පටක පරීක්ෂණ සිදුකරලා තියෙනවා. පෙනහළු සහ අභ්‍යන්තර ඉන්ද්‍රීයන්වල සිදුවෙන වෙනස්කම් අපි නිරීක්ෂණය කරලා තියෙනවා. මෙම පශ්චාත් මරණ පරීක්ෂණවලින් 30%ක් පමණ මියගිහින් තියෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය නිසා. ඒ වගේම තවත් යම්කිසි ප්‍රතිශතයක් ඝෘජුව කොවිඩ් ආසාදනයවීමෙන් ලේ කැටිගැසීම් නිසා ඒවා පෙනහළුවල සිරවී මිය යන්නට පුළුවන්. මෙම පරීක්ෂණවලින් අපිට අනාවරණය වුණා කොවිඩ් ආසාදනයේ සංකූලතා ඇතිවන, විශේෂයෙන් පෙනහළුවල ආසාදන ඇතිවන පුද්ගලයින්ගේ පෙනහළු මුල් අදියරයේදී ඇතිවෙන යම් යම් වෙනස්කම්. අපි මේකෙ දැක්ක දේ තමයි පෙනහළුවල ගර්තවල බිත්තියේ මෙම වෛරසයේ සංකූලතාවයක් ලෙස ඇතිවෙන තත්ත්වය. එම මුල් අවදියේ ප්‍රතිකාර කිරීම කොවිඩ් නියුමෝනියා තත්ත්වයට වඩා වෙනස්.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments