26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්අපි අහනවා මේ සියලු අභියෝගවලට ආණ්ඩුවේ සැලැස්ම කුමක්ද?

අපි අහනවා මේ සියලු අභියෝගවලට ආණ්ඩුවේ සැලැස්ම කුමක්ද?

අපි අහනවා මේ සියලු අභියෝගවල ආණ්ඩුවේ සැලැස්ම කුමක්ද කියලා අපි දිගින් දිගටම කියපු දෙයක් තමයි මෙය ජාතික ව්‍යසනයක් ලෙස සලකලා කටයුතු කරමු කියලා යැයි සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය…….

අද වන විට රටේ තත්ත්වය ඉතාම බරපතළ තැනක තිබෙන්නේ පසුගියදා රට වහන්න කලින් ජනාධිපතිතුමා විසින් ජාතිය ඇමතුවා ඒ කතාව තුළ අනතුරු ඇඟවීමක් තිබුණා එතුමා ඒ කතාව කෙරේ කැමැත්තකින් නොවන බව අපට හැගුණා රටේ ජනතාවත් ඒ වන විට ස්වේච්ඡාවෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරමින් සිටියා එහිදී වෙළඳ සංගම් වෙළෙඳ හිමියන් විසින් සිය කැමැත්තෙන්ම ආරක්ෂාව වෙනුවෙන් වෙළෙඳ ව්‍යාපාර වසා දමන්න කටයුතු කරා ආණ්ඩුව උත්සාහ කෙරේ රට වහන්නේ නැතුව තව දුරටත් ඉදිරියට යන්න ආණ්ඩුව කිව්වේ රට වැහුවොත් ආර්ථිකයට හානියක් වෙනවා එම නිසා නොයෙක් දේවල් කියමින් රට ඉදිරියට ගෙනියන්න තමයි ආණ්ඩුව උත්සාහ කරේ ජනාධිපතිතුමා ගේ කතාවේ සඳහන් වු දෙයක් තමයි එය අකමැත්තෙන් කරන බව ඇඟවීම එහිදී කිව්වේ රට දිගටම රට වහන්න සිදුවුණොත් දැඩි ක්‍රියාමාර්ග ගන්න සිදුවෙන බව ඒ වගේම ජනතාවට කැපකිරීම් කරන්න සිදුවෙන බවත් ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළා ඒ කියන්නේ ඉදිරියට ජනතාවට බඩු මිල වැඩි වෙනවා විරැකියාවෙන් ඉන්න සිදුවෙයි ආදායම් අහිමි වෙයි තවදුරටත් රට ආර්ථික කඩාවැටීමකට සිදු වෙන්න පුළුවන් කියන දේ තමයි ජනාධිපතිතුමාගේ මෙම ප්‍රකාශයෙන් කියවෙන්නේ. එහි විශාල අනතුරු ඇඟවීමක් තිබෙනවා මේ තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා විදියට ආණ්ඩුව විදිහට කුමක්ද කළ යුත්තේ ජනාධිපතිතුමාගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ නිදහසට කාරණාවක් නෙමෙයි කෝවිඩ් වසංගතය ලෝකයම වෙලා ගත්ත වෛරසයක් එහිදී එයට මුහුණ දිය යුතු වැඩපිළිවෙලක් රටක් විදියට ආණ්ඩුවක් විදියට තිබිය යුතුයි අද වන විට ආර්ථිකය කඩා වැටෙමින් තිබෙනවා ආදායම් අහිමි වීම් ඇතිවෙලා ඒත් සමගම ජීවන වියදම ඉහළ යමින් තිබෙනවා භාණ්ඩ මිල ඉහළ යාමේ අරබුදය සුලුපටු වෙන් සලකන්න බැහැ ඉතාම බරපතළ විඳියට ආර්ථික කඩාවැටීම සිදුවෙමින් තිබෙනවා දෛනික ආදායම් ලාභීන්ගේ ආදායම් මාර්ග අහිමි වෙලා රැකියා අහිමි වෙලා එය ඉතාමත් බරපතලයි අපේ රටේ මිලියන අටක් නවයක් එදිනෙදා ආදායම් හොයාගන්න අය එම අය මුහුණ දෙන දැඩි අර්බුදය අපට තේරුම් ගන්න පුළුවන් එය කෝවිඩ් නිසාම නෙමෙයි එසේ කියමින් නිදහසට කාරණා කියලා වැඩක් නෑ රටක් විදිහට එවැනි අයට මුහුණ දෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය රජය විසින් කර නැහැ.

ඒ වගේම වසංගතය පාලනය කිරීමට ගත් ක්‍රියාමාර්ග අසාර්ථක වීම නිසා තමයි අද මෙවැනි තත්වයක් උදා වෙලා තිබෙන්නේ එසේ නම් අපි අහනවා මේ සියලු අභියෝගවල ආණ්ඩුවේ සැලැස්ම කුමක්ද කියලා අපි දිගින් දිගටම කියපු දෙයක් තමයි මෙය ජාතික ව්‍යසනයක් ලෙස සලකලා හැමෝම එකට එකතු වෙලා අභියෝගයට මුහුණ දෙමු කියන එක මෙය පක්ෂයක් පාටක් පුද්ගලයෙක් දිහා බලලා ක්‍රියා කරන්න ඕන දෙයක් නෙමෙයි ජාතික ව්‍යයසනය දී දේශපාලනය පැත්තකින් තියලා රටත් ජාතියත් වෙනුවෙන් එකට වැඩ කිරීමේ හැකියාව අපට තිබෙනවා මෙය මැති ඇමැතිකම් බෙදා ගන්න කර යුතු ක්‍රියාවලියක් නෙමෙයි මෙය ආණ්ඩු හදන ක්‍රියාවලිය කුත් නෙමෙයි අපි කියන්නේ මෙවැනි අවස්ථාවක රට යළි ගොඩනගන්න ජනතාව සුරක්ෂිත කරන්න ජාතික වැඩපිළිවෙළකට අවතීරණ විය යුතු බවයි නමුත් ආණ්ඩුව ඒ වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ ඒකට හේතුව ආණ්ඩුවේ උද්දච්ච කම හා තුනෙන් දෙකේ බලයක් තියෙනවා කියලා විපක්ෂයේ කිසිම උපදෙසක් ආණ්ඩුව පිළිගන්න සූදානම් නොවීම එහදි විපක්ෂයේ පමණක් නොවෙයි කෝවිඩ් මර්දන ගැටලුවේදී සෞඛ්‍ය උපදෙස් පිළිගන්න වත් ආණ්ඩුව සූදානම් නැහැ විශේෂඥ උපදෙස් ආණ්ඩුව බැහැර කරලා තිබෙනවා ඒ විතරක් නෙවෙයි මේ පිළිබඳ ජාත්‍යන්තර උපදෙස් පිළිගන්නත් ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා එය නරක තත්ත්වයක් ජනාධිපතිවරයාත් ආණ්ඩුව මේ කරන ක්‍රියාවලිය හරහා රටටත් ජනතාවටත් එල්ලවන තර්ජනය හා බරපතලකම අවබෝධ කරගත යුතුයි එම නිසා සමගි ජන බලවේගය අපි මේ ප්‍රශ්නය විවේචනය කරන්නත් වැරදි පෙන්නන්න වත් නෙමෙයි නිරන්තරයෙන්ම මේ ප්‍රශ්නය විසඳා ගැනීමට ආණ්ඩුවට යම් යම් කරුණු පැහැදිලි කරා විශේෂයෙන්ම සමඟි ජන බලවේගයේ නායකයා විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමා මෙම ව්‍යසනය ආරම්භයේ සිටම පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් දක්වපු කාරණා ගැන අවධානය යොමු කළා නම් මේ තත්ත්වය තරමක් හෝ පාලනය කරගන්න තිබුණු බව අපි දැඩි ලෙස අවධාරණය කරනවා.

අපි ජනාධිපතිතුමා ගෙන් හා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ තත්ත්වය පාලනය කරන්න කරුණාකරලා සර්වපාක්ෂික වැඩපිළිවෙළක් හදන්න කියලා එහිදී සියලු දෙනාගේ අදහස් හා යෝජනා අරගෙන කෙටි කාලයකට හෝ මධ්‍ය කාලයකට මේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ජාතික වැඩ පිළිවෙලක් යෝජනා කර යුතුයි එම යෝජනා එකට එකතුවෙලා ක්‍රියාත්මක කර යුතුයි මෙය ආණ්ඩුවේ බලය බෙදාගැනීමේ ප්‍රශ්නයක් නෙමෙයි මැතිවරණ වලදී අපට වෙන වෙනම් මුහුණ දෙන්න පුළුවන් ඒ ගැටලුවක් කරගන්න එපා මෙහි බලය බෙදාගැනීමේ හා ලකුණු බෙදාගැනීමේ ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නෙ අපි තමයි හොඳටම කෙරුවෙ කියලා ලකුණු දාගන්න අපිට ඕන කමක් නැහැ අපි ඔක්කොම එකතුවෙලා තමයි මේ ජනතාවයි රටයි බේරගත්තේ කියලා අපිට කියන්න පුළුවන් වෙන්න ඕන දැන්වත් අපි කියනවා උද්දච්ච කම පැත්තකින් තියලා හැමදේම දන්නවා කියන මතයේ ඉන්න නැතුව හැමෝම එකතු වෙලා කටයුතු කරන්න අවශ්‍යයි කියන තැන ඉඳන් ආණ්ඩුව කටයුතු කළ යුතුයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments