මහා පරිමාණයේ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී .විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය (02) නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මහා පරිමාණයේ හෙරොයින් ජාවාරමේ යෙදුණු චන්ද්‍රිකා නමැති කාන්තාව කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාව කිරිබත්ගොඩ රාගම කැලණිය යන ප්‍රදේශවලට හෙරොයින් දීර්ඝ කාලයක් මුළුල්ලේ බෙදා හැරිම සිදුකළ බවට ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී කරුණු අනාවරණය කර ගෙන තිබේ.
ස්ථානාධිපති පො.ප. සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) දොම්පේ පොලිස් වසමේ අංක 48/1/A, සමරමෝල වත්ත, නාරම්පොළ ලිපිනයේ දී වැටලීමක් සිදුකර . හෙරොයින් ග්‍රෑම් 11 මිලි ගෑම් 620ක් මුදලින් රැපියල් 2665100.00ද විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිරිබත්ගොඩ පොලිස් ස්ථානයට භාරදී ඇත.
මීට අමතරව ගෝනහේන කඳවුරේ නිලධාරීන් වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව පස් සෝදා වැනි නිශ්සාරණය කිරීම සඳහා පස් ප්‍රවාහනය වරදට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය (02) නිලධාරීන් නීතිවිරෝධි ලෙස බලපත්‍රනොමැතිව ළඟ තබාගත් DCSL වර්ගයේ මත්පැන් බෝතල් 170ක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන තිබේ.
පඹුරුගස්හින්න රක්ෂිතයේ ඉස්සන්නෑව රක්ෂති ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළුවී ඉදිරිපස කුල්ලක් හා පසුපසට නගුලක් සහිත ට්‍රැක්ටර් රථයක් යොදාගෙන අක්කර පහක පමණ කැලෑවක් හෙලිපෙහෙලි කරමින් සිටින පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
අනවසරයෙන් කපන ලද තේක්ක දැව කඳන් තොගයක් සැකකරුවකු සමගද වැලි පටවා ප්‍රවහනය සඳහා සූදානම් කර තිබු පුද්ගලයකු ඉසුසු එල්ෆ් වාර්ගියේ රථයත් සමග අත්අඩංගුවට ගැනීම පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වි තිබේ.