21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපොලිස් විශේෂ කාර්යබලකායෙන් විශේෂ වැටලීමක්.

පොලිස් විශේෂ කාර්යබලකායෙන් විශේෂ වැටලීමක්.

පොලිස් විශේෂ කාර්යබලකාය සිදුකළ වැටලීම් වලදී කැලෑසතුන් දඩයම් කළ පුද්ගලයින්. නීති විරෝධි මත්පැන් ජාවාරමුන් අත්අඩංගුවට ගැනීමට හැකි වි තිබේ.

මෙම වැටලීම් (27) සිදුකර ඇති අතර ශාස්ත්‍රවේල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් සිදුකළ මෙහෙයුකදී පානම පොලිස් වසමේ රදැල්ල ප්‍රදේශයේදී සිදුකල වැටලීමකදී අනවසරයෙන් රක්ෂිතයට ඇතුළුවි දඩයම් කිරීමට සූදානම්වී සිටි පුද්ගලයින් හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

රාගම තලගොල්ල ප්‍රදේශයේ වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 520ක් පුද්ගලයකු සමග අත්අඩංගුවට ගෙන තිබේ. එම පොලිස් වසමේම සමගි මාවතේ සිදුකළ වැටලීමකදී හෙරොයින් සන්තකයේ තබාගත් පුද්ගලයකු හා කාන්තාවක් අත් අඩංගුවට ගෙන තිබේ. එහිදි හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 600ක්, විද්‍යුත් තාරාදියක්,ජංගම දුරකතනයක් හා මුදලින් රුපියල් විසිතුන්දහස් එකසීයක් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම සීගිරිය 04කණුව ප්‍රදේශයේ වැටලීමක් සිදුකොට බලපත්‍රයක් නොමැතිව රජයේ අනුමත මිලි ලීටර් 500යේ ලයන් ස්ට්‍රෝන්ග් බියර් ටින් 481ක් අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments