අම්පිටිය ප්‍රදේශයේදී මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී බෙහෙත් ගබඩාවක් පරීක්ෂා කිරීමේදි නීථි විරෝධි බෙහෙත් පෙති තොගයක් සමග සැකකරුවෙකු (29) අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර පොලිසියට ලැබු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ. එහිදි මත්පෙති1.30,000ක් හා තවත් නීති විරෝධි බෙහෙත් පෙති 4500ක් සමග සැකකරුවෙකු අත්අඩංගුව ගෙනඇත. එම පුද්ගලයා උඩුගම, අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.