රඹුක්කන පොලිස් වසමේ ඇත්වටේවත්ත ප්‍රදේශයේදී කෑගල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් (29)සිදුකළ මෙහෙයුමකදී අවිතොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවි තිබේ.
එහිදි විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බවයක්,මෙරට නිෂ්පාදිත රිවෝල්වර අවි තුනක්, ගල්කකටස් වර්ගයේ ගිනි අවි දෙකක්, අත්විලංගු දෙකක්,සජීව පතොරම් විසිදෙකක් හා හෙරොයින් ග්‍රෑම් එකයි මිලි ග්‍රෑම් තුන්සිය තිහයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සමත්වි ඇත. එම පුද්ගලයා වයස අවුරුදු තිස් හතක්වූ අත්වටේ වත්ත, රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් මූලස්ථානය කියයි.