29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙනයෑමට නායකත්වය ගන්න එක්වන්න - චන්ද්‍රිකා බණ්ඩාරනායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙනයෑමට නායකත්වය ගන්න එක්වන්න – චන්ද්‍රිකා බණ්ඩාරනායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය සමරන අවස්ථාව වනවිට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාමත් දුර්වල තත්ත්වයට පත්වී ඇති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරය වෙනුවෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ,

“වත්මන් පක්ෂ නායකයන් විසින් අප ආදරණීය පක්ෂයට සිදුකර තිබෙන විනාශය දෙස ඉතාමත් වේදනාවෙන් බලා සිටිමින්, සැබෑ බණ්ඩාරනායක ප්‍රතිපත්ති සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණයෙන් පක්ෂය බේරාගෙන, ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට නායකත්වය ගන්නා මෙන් දිවයින පුරා විසිරී සිටින සියලුම සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට මම ඉතා ඕනෑකමින් ආරාධනා කර සිටිමි.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments