21.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPරියර් අද්මිරාල් මාකස් පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් මාකස් පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

වසර 35 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් මාකස් පෙරේරා අද (07) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් මාකස් පෙරේරා වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනමන ලද අතර, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කර සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් ‍එම ජ්‍යේෂ්ඨ නිලධාරියා නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන ලදී.

1986 වර්ෂයේදී නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් මාකස් පෙරේරා සිය සේවා කාලය තුල, කපිතාන් සැපයුම් හා සේවා උතුර, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික (වැටුප්), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික (වැටුප් හා විශ්‍රාම වැටුප්), කපිතාන් සැපයුම් හා සේවා බටහිර සහ වයඹ, ඒකාබද්ධ සැපයුම් හා සේවා කළමණාකරණ පද්ධතියේ අධ්‍යක්‍ෂ, අධ්‍යක්‍ෂ නාවික විදේශීය මිළදී ගැනීම්, අධ්‍යක්‍ෂ නාවික සැපයුම්, සිවිල් ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ සැපයුම් හා සේවා සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා ආදී ප්‍රමුඛ නිළතල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments