පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකොරි
නීතිඥ නිහාල් තල්දූව මහතා….. මඩකලපුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලද තොරතුරක් අනුව ඔහුගේ නලධාරි කණ්ඩායමක් ශ්‍රී ලංකා නාවික හමුදාව එකතුව පසුගිය දින කිහිපයතුල ශ්‍රී ලංකාව දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදු සීමාවේදී විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමක් සිදුකරනු ලැබුවා. මෙම මෙහෙයුම මගින් ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබු විශාල හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සහ විදේශීය බහුදින යාත්‍රිවකුත් එමෙන්ම විදේශීය සැකකරුවන් නවදෙනකුත් මේවනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ රාත්‍රි සිදුවු අතර මෙම පුද්ගලයන් ද්‍රව්‍ය ලංකාවට ගෙන එමින් තිබෙනවා.
එමෙන්ම විස මත්ද්‍රව්‍ය වැටලීම් පසුගිය කාලසීමාව තුල ශ්‍රී ලංකාවේ නාවික හමුදාවත්, බුද්ධි අංශවලත් සහය ඇතිව ශ්‍රී ලංකා පොලිසිය මගින් නොකඩවා සිදුකරනු ලැබුවා මින් ඉදිරියටත් එවැනි වැටලීම් අපි විසින් නොකඩවා සිදුකරනු ලබනවා. විශේෂයෙන් විෂ මත්ද්‍රවය සම්බන්ධව යම් තොරතුරු තිබේ නම් අපි විසින් පැය විසිහතර පුරාම ක්‍රියාත්මක කරනු ලබන 1997 දරණ දුරකතන අංකයට ලබාදීය හැකියි. එමෙන්ම එම තොරතුරුවල රහස්‍ය බව සිදුකරනු ඇත.