21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsහිංසාකාරි ලෙස ගවයින් ප්‍රවහනය කළ ජාවාරම් කරුවන් එස්.ටි.එෆ්. දැලේ.

හිංසාකාරි ලෙස ගවයින් ප්‍රවහනය කළ ජාවාරම් කරුවන් එස්.ටි.එෆ්. දැලේ.

පොලිස් විශේෂ කාර්යබලකාය වව්නියාව කඳවුරේ නිලධාරි කණ්ඩායමක් බලපත්‍ර නොමැතිව කැබ්රථයකින් හිංසාකාරි ලෙස එලගවයින් හත් දෙනකු ප්‍රවහනය කරමින් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙය කැබිතිගොල්ලෑම ප්‍රධාන මාර්ගයේ කුඩාකච්චිකොඩිය පාසැල අසල මාර්ගයේදී වැටලිම සිදුකර ඇත. එහිදි මහෙන්ද්‍රා වර්ගයේ කැබ්රථයද අත්අඩංගුවට ගෙන වව්නියාව පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

බුත්තල බුද්ධි කොට්ඨාශයෙහි නිලධාරී කණ්ඩායමක් තීරුබදු රහිතිව ආනනයනය කර තිබු MANCHESTER වර්ගයේ දුම්වැටි ළඟතබාගෙන සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෝදර පොලිස් වසමේ සිදුකළ වැටලීම් වලදී රූපමය අවවාද රහිත MANCHESTERවර්ගයේ දුම්වැටි තොගයක් ළඟතබා ගත් අයකුද, මුතුවැල්ල මාවතේදී MANCHESTER වර්ගයේ දුම්වැටි 2.400ක් යතුරු පැදියකුයි අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව මෝදර වීදියේ සිදුකළ වැටලීමකදී එම වර්ගයේම දුම්වැටි 10.000ක් අත්අඩංගුවට ගෙන ඇත.

එම කඳවුරේම නිලධාරි කණ්ඩායමක් පර්චර්ස් තිහයක පමණ භූමියක වගා කර තිබු ගංජාහේනක් වටලමින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කරමින් ගඟතුලට ට්‍රැක්ටර් රථයක් ඇතළත් කර වැලි කැණීම් කරමින්
පුද්ගලයකුද අත්අඩංගුවට ලෙන ඇත.

කුරුණැගල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් නීතිවිරෝධි මත්පැන් සහ එම මත්පැන් නිෂ්පාදනයට උපයෝගි කර ගන්නා උපකරණ ළඟ තබාගත්පුද්ගලයකු අත් අඩංගුවට ගෙන තිබේ. කිලිනොච්චි කඳවුරේ නිලධාරි කණ්ඩායමක් සැකකරුවකු නොමැතිව නීති විරෝධි මත්පැන් සහ නිෂ්පාදනයට ගන් තඹ දඟර අත්අඩංගුවට ගෙන ඇත. උඩවලව කඳවුරේ නිලධාරින් බලපත්‍ර නොමැතිව ටිපර් රථයකින් වැලි ප්‍රවහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව රත්ගම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් බලපත්‍ර රහිතව වෙනිවැල්ගැට ළඟ තබාගත් පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. අරලගංවිල කණ්ඩායමක් විසින් බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කරමින් ෆයිබර් බෝට්ටු දෙකකින් වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් දෙදනකු අල්ලාගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments