29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්විපක්ෂයේ එන්නත්කරණය අසාරථක බව කතාකරනවිට අපි 50%කටත් වඩා එන්නත් ලබාදුන් ප්‍රධාන රටක්...

විපක්ෂයේ එන්නත්කරණය අසාරථක බව කතාකරනවිට අපි 50%කටත් වඩා එන්නත් ලබාදුන් ප්‍රධාන රටක් ලෙස පත්වී හමාරයි.

විපක්ෂය නිරන්තරයෙන් කිව්වේ අපි එන්නතකරණයෙන් අසාර්ථක වන රටක් බවට පත් වෙනවා කියලා. නමුත් අපි එන්නත්කරණයෙන් ඉදිරියට පැමිණිලා අද රටේ ජනගහනයෙන් 50% කට වඩා එන්නත්කරණය ලබපු රටවල් කිහිපය අතරින් ප්‍රධාන රටක් බවට පත්වෙලා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ප්‍රකාශ කරයි.

අද වෙනකොට වයස අවුරුදු 30 ට වැඩි ජනගහනයෙන් 93% ට මේ එන්නත්කරණය කරලා තිබෙනවා.මේ මාසයේ මොඩර්නා හා ෆයිසර් එන්නත් විශාල ප්රුමාණයක්ලැබෙන්න තිබෙනවා. මේ ආදි වශයෙන් ගත්තාම අපි රටේ ජනතාවට අවශ්ය‍ එන්නත් ප්රනමාණය උපරිමයෙන් ලබා දෙන්න අවශ්යව නායකත්වය ආණ්ඩුව අරගෙන තිබෙනවා. ඒනිසා විපක්ෂයේ ඒ චෝදනාව අද පුස්සක් බවට පත්වෙලා තිබෙනවා. ඒ වගේම ලෝක සෞඛ්ය සංවිධානයත්, අපේ සෞඛ්යස අංශයත් පිළි අරගෙන තිබෙනවා නිරෝධායන ඇඳිරිනිතිය තුළ යම් පමණකට අපි යම් සාධනීය තැනකට පැමිණිලා තිබෙනවා කියලා. රෝගීන් ප්ර මාණය යම් ප්‍රමාණයකට අඩුවෙමින් , මරණ අඩුවෙමින් ඉදිරියට ඇවිත් තිබෙනවා.අපි බලාපොරොත්තුවෙනවා ඉදිරියේදීසෞඛ්යැ උපදෙස් අනුව දරුවන්ට එන්නත් ලබා දීලා, ඉන්පසුව පාසල් පද්ධතිය ආරම්භ කරලා මේ රට වඩා හොඳ තැනකට ගෙනියන්න.

විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමා සාර්ථක අයවැයක් ඉදිරිපත් කරමින් මේ කොරෝනා රැල්ල තුළ වුනත් ආර්ථිකය ඉදිරියට ගෙනයාමට ක්රතමවේදයක් එතුමා තුළ තිබෙනවා. එතුමා මේ වන විට විවිධ පාර්ශවලින් යෝජනා ලබා ගනිමින් මේ අයවැය සකස් කිරීමට කටයුතු කරනවා. එය ඉතාමත් සාධනීය පියවරක්. අපේ ප්රා්ර්ථනාව තමයි රටේ ජනතාවට තුන්වේලටත් වැඩි වේල් ප්රවමාණයක් ලැබිලා හොඳ අනාගතයක් හදන එකයි. ඒ කාර්යභාර්ය ආණ්ඩුවක් විදිහට අපි කරනවා.

මේ දවස්වල එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ මිෂෙල් බැචලේ මහත්මිය ප්රදකාශ කර තිබෙනවා අද ආණ්ඩුව හමුදාකරණයට ලක් කරලා, හදිසි නිතිය ගෙනල්ලා කියලා. හැබැයි ලෝකයේ රටවල් 104 ට ආසන්න ප්රාමාණයකට අද හදිසි අවස්ථාව, හදිසි නිතිය ක්රිඑයාත්මක කරලා තිබෙනවා. ඒ සියලු රටවල් පේන්නේ නැතිව අද අපේ රටට විතරක් බලපෑම් කරන්න උත්සහ කරන එක පිළිබඳව අපි කණගාටු වෙනවා.සජිත් සහ රනිල් හිටපු ආණ්ඩුවෙන් ගත් තීරණ නිසා තමයි අපි තවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ බලපෑම්වලට ලක් වෙන්නේ. හැබැයි අපි කියනවා අපේ රටේ ස්වාධීනත්වය අභිමානය රැකගෙන තමයි අපි කටයුතු කරන්නේ.

අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා පහුගිය දවස්වල ඉතාලියට යන්නේ ගෞරවනිය ඉල්ලීමකට අනුව ප්රපධාන ආරාධිත අමුත්තෙක් විදිහටයි. ත්රීස්තවාදයට හිතවත් සමහර අය උත්සහ කළේ එතුමාට අපහස වෙන අගෞරව වන ලෙස හැසිරෙන්නයි. ඒ අයගේ හැසිරිමෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගෞරව කිරීමට නොහැක. එතුමාට අපහස කළා කියන්නේ මව්බිමට , තමන්ගේ මවට අගෞරව කළා වගේ. ඔවුන් මෙයින් සිදු කළේ සම්පූර්ණයෙන් රටට එරෙහිව කුමන්ත්ර්ණයක් සහ රටට එරෙහි ක්රිමයාවලියක්. ඒවා සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවලමහතා

මේ වගේ ලෝක වසංගතයක් තිබෙන අවස්ථාවක, මේ රජය ජනතාව මරණින් බේරා ගැනීමටයි උත්සහ දරන්නේ. නමුත් මේ අවස්ථාවේ විපක්ෂ නායකතුමා කියන්නේ ඡන්දයකට යාම අවශ්යනයි කියලා. ඒ නිසා විපක්ෂ නායකතුමාට කියන්න කැමති බලය ගන්න පුළුවන් හැබැයි ජනතාවගේ ජිවිත ආරක්ෂා කර ගැනීම මුලින්ම අවශ්යියි. මේ කොරෝනා වසංගතය අවසන් කිරීමේ වැඩපිළිවෙලට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හදවතින්ම සහයෝගය දෙන්න කියා විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments