29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPවයස අවුරුදු 22දී MBBS උපාධිය නැවතත් ලබාගත හැකි අධ්‍යාපන ක්‍රමයක් සඳහා රජයේ...

වයස අවුරුදු 22දී MBBS උපාධිය නැවතත් ලබාගත හැකි අධ්‍යාපන ක්‍රමයක් සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් යෝජනාවලියක්.

මේ වනවිට සීමාවාසික පුහුණුවේ නිරත වන වෛද්‍යවරුන් ඔවුන්ගේ සීමාවාසික පුහුණුව ලබන මාසයේ (19) නිම කිරීමට නියමිතය. එම කණ්ඩායමෙන් පසු, සීමාවාසික පුහුණුව

ලැබීමට නියමිත වෛද්‍ය කණ්ඩායමට එම පුහුණුව ආරම්භ කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් අපි ඉල්ලා සිටිමු.

වෛද්‍ය උපාධිය

හදාරන්නාවූ විද්‍යාර්ථයින් හට වයස අවුරුදු 22 ක වයස් සීමාව වන විට MBBS උපාධිය ලබා දීමේ හැකියාව ඇතිකර, සීමාවාසික පුහුණුව වයස අවුරුදු 23 දී ලබාදිය යුතු වුවත්,

රටේ අනාගතය බාර ගැනීමට සිටින වටිනාම පුරවැසියන් කොටසකගේ මෙම සීමාවාසික පුහුණුව අවුරුදු 29 ක් තෙක් පමා කිරීම ජාතියේ අවාසනාවකි.

මෙයට දශක කිහිපයකට පෙර වයස අවුරුදු 23 වන විට සීමාවාසික පුහුණුව නිම කිරීමට හැකි වීම නිසා එම වෛද්‍යවරුන්හට වැඩිදුර අධ්‍යාපන කටයුතු ලබා වයස අවුරුදු 29 වන විට විශේෂඥ වෛද්‍යවරුන්‍ෙලෙස පත්වීමටද හැකියාව තිබුණි.

විවිධ දේශපාලනික හා අන්තවාදී බලපෑම් නිසා ශ්‍රී ලංකාවේ දරුවෙකුට වෛද්‍ය අධ්‍යාපනය අප්‍රසන්න අත්දැකීමක් දක්වා වර්ධනය වී ඇති යුගයනිමාකර වයස අවුරුදු 22 න් MBBS උපාධිය ලබා ගැනීමටත්, වයස අවුරුදු 23 න් සීමාවාසික පුහුණුව අවසන් කිරීමටත් හැකිවන යුගයක් නැවතත් බිහි කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි උත්සාහයක නිරතව සිටී.

ගරු අගමැතිතුමන් සමග පැවැත්වූ සාකච්ඡාවේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ද මේ සඳහා එකඟතාවය පළ කරන ලදී.

මේ හේතූන් නිසා සීමාවාසික පුහුණුව ලැබීම සඳහා බලාපොරොත්තුවෙන් සිටින මීළඟ වෛද්‍ය කණ්ඩායම හැකි ඉක්මනින් පුහුණුව සදහා ඇතුලත් කරගනිමින් එම පූර්ව සීමාවාසික වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ දෙමාපියන් වෙත පැන නැගී ඇති මෙම බරපතල ගැටලුව නිරාකරණය කර දෙන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිමු.

එමෙන්ම, එම පූර්ව සීමාවාසික වෛද්‍යවරුන් හට ඔවුන්ගේ සීමාවාසික පුහුණුවට අවශ්‍ය කරන්නාවු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි ලිපි ලබාදීම සඳහා හැකි ඉක්මනින් කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති සහ ලේඛකාධිකාරීගෙන් ඉල්ලා සිටිමු.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments