ප්‍රථම වරට විනිසුරුවරියක් ලෙස ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ පොලිස් නිලධාරිණියකට උපහාර.
මේවසරේ ජපනායේ පැවැති තිස්දෙවන ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නෙල්කා ශිරෝමාලා නිලධාරිණිය ශ්‍රී ලංකා කාන්තාවක් ලෙස ප්‍රථමවරට බොක්සිං තරඟයක විනිසුරුවරියක් ලෙන කටයුතු කිරීම ශ්‍රී ලාංකික කාන්තාවන්ට සහ ශ්‍රී ලංකා පොලිසියටද ඉමහත් අභිමානයකී.
ඇය ඔලිම්පික් තරඟාවලියේ අවසන්දින බරපංති දෙකක් යටතේ පැවැති තරඟ දෙකක විනිසුරුවරිය ලෙස කටයුතු කළ අතර ඇයව අගයමින් පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාලකගේ කළමනාකාර අධ්‍යක්ෂවරයාද DIMC Events ආයතනයේ සභාපතිවරයා මෙන්ම කොළඹ ශානතමේරී විදුහලේ ආදි ශිෂ්‍යකු වන ඩන්ස්ටන් පොල් රොසයිරෝ සහ අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වෙන නව්ජර්සි බෝයි බොක්සිං සමාජයේ හිමිකරු වන බන්දුල රත්නපාල යන මහත්වරුන් ශ්‍රී ලංකාවෙන් බිහිවු පළමු ඔලිම්පික් බොක්සිං විනිසුරුවරිය වන නෙල්කා ශිරෝමාලා මහත්මියට විශේෂ උපහාර උත්සවයක් සංවිධානය කර ගෞරව සම්මානයක්ද ලබාදීමට කටයුතු කර ඇත.
ඇයට දැනට ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ රාජකාරි කරනු ලබන අතර ගෞරව සම්මාන ලබා (17) දිවයිනට පැමිණීමේදි මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතා ගුවන්තොටුපොළේදි පිළිගැනීමේ උත්සවයක් පවත්වා ඇය පිළිගත්තේය. ඉන් අනතුරුව පොලිස් මූලස්ථානයේදී පොලිස්පතිගේ ඇගයීමට ලක්ව සමූහ ඡායාරූපයකටද පෙනිසිටියහ.
ඇය ඇගයීමේ උත්සවයක් ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයේදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.සමුද්‍රජීව මහතා සහ ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ආර්.ඒ.දර්ශික කුමාරි මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූහ. මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්විය.