ලෝක සූරතා දිනුවිදීමේ තරඟාවලියට ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් නිලධාරිනියක් සහභාගිවෙයි.
අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ලෝක සූරතා දුනු විදීමේ තරඟාවලියට ශ්‍රී ලංකා නියෝජනය කරමින් ක්‍රීඩක,ක්‍රීඩිකාවෝ තිදෙනකු සුදුසුකම් ලබා ඇති අතර මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අතර ශ්‍රි ලංකා පොලිසියේ කාන්තා පොලිස් සැරයන් 3300 අනුරාධා විජේසිංහ කරුණාරත්න නිලධාරිණියද සුදුසුකම් ලැබ ඇත.
මෙම නිලධාරීණිය ගාල්ල හිනිදුම මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබා ඇති අතර 2003 වර්ෂයේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ලෙස ශ්‍රී ලංකා පොලිසියට එක්වී 2018 වර්ෂයේ කාන්තා පොලිස් සැරයන්වරයික් ලෙස උසස්වීම් ලබා ඇත. 2010 වර්ෂයේ දුනු විදීමේ ක්‍රීඩාවට යොමුවි ඇති අතර 2011,2011,2013,2015 හා 2019 වර්ෂයන්හි දුනු විදීමේ ජාතික සූරිය බවට පත්ව ශ්‍රී ලංකා පොලිසිය වෙත ඉමහත් කීර්තියක් අත්කර දුන් දක්ෂ නිලධාරිණියකී. මෙම දක්ෂතාවයන් හේතුවෙන් දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබු මෙම නිලධාරිණිය 2016 හා 2019 වර්ෂයන්හි දුනු විදීමේ ක්‍රීඩාවේ රිදි පදක්කමක් ලබා ගැනීමට සමත්විය.
ලෝක සූරතා දුනුවිදීමේ තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ තරඟවලියේදී පරිසාධන මට්ටම ඉක්මවා ලකුණු ලබාගැනීම හේතුවෙන් මෙවර ලෝක සූරතා දිනු විදීමේ තරඟාවලියට මෙම නිලධාරිණිය තොරා ගෙන ඇත.
ලෝක සූරතා දුනු විදීමේ තරඟාවලිය (20) -(26) දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ Yankton South Dakota නගරයේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙම නිලධාරිණිය තරඟාවලියේ Compound දුනු විදීමේ ඉසව්ව නියෝජනය කිරීමට නියමිත ඇති අතර මෙම ඉසව්ව (22) පැවැත්වීමට නියමිතව ඇත.