29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්SLT-MOBITEL සහ eChannelling එක්ව මෙරට ප්‍රථම ජාතික ඖෂධ අලෙවිසැල් සහය ...

SLT-MOBITEL සහ eChannelling එක්ව මෙරට ප්‍රථම ජාතික ඖෂධ අලෙවිසැල් සහය සේවාව හඳුන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සමග එක්ව ක්‍රියාවට නංවන වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලයවන SLT-MOBITEL සහ eChannelling සේවාව එක්වී, 2021 සැප්තැම්බර් 24 දිනට යෙදුණු ජාතික ඖෂධවේදී දිනය වෙනුවෙන්, මෙරට ප්‍රථමවරට ජාතික මට්ට මේ ඖෂධ සහය සේවාවක් හඳුන්වාදීමට කටයුතු කළේය. පවතිනත ත්ත්වය හමුවේ රටේ ජනතාවට වඩාත් පහසුවෙන් ඖෂධ ගෙන්වා ගැනීමට සහය වීමේ අරමුණින් මෙම සේවාව හඳුන්වාදී ඇත.

මේ යටතේ දුරකථන ඇමතුම් කළමනාකරණය කිරීම සහ ඖෂධ සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සඳහා දැනටමත් ඖෂධවේදීන් 120 කට අධික පිරිසකට පුහුණව ලබාදීමට SLT-MOBITEL පියවරගෙන තිබේ. ඒඅනුව දැන් මෙරට ජනතාවට ආරක්ෂිතව නිවෙස්වලම සිටිමින්, 0716 222 555 අංකය ඔස්සේ තමන්ට අවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

රටේ ජනතාවට ඖෂධ සම්බන්ධයෙන් විශිෂ්ට තම සේවාවක් ලබාදීම රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ මූලික අරමුණ වන අතර, මෙම සේවාව ඔස්සේ එම අරමුණ ඉටුකර ගැනීමට අත්වැලක්වීම සඳහා SLT-MOBITEL සහ eChannellingසේවාව ඉදිරිපත්විය. ව්‍යාපෘතියේමූලිකඅදියරයටතේමෙමසේවාවකොළඹ 01 සිටකොළඹ 15 දක්වා ප්‍රදේශවල ක්‍රියාත්මකවන අතර, ඉදිරි මාස කිහිපයේදී එය රටපුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම්කර තිබේ.

ඖෂධ සම්බන්ධයෙන් කිසියම් සහයක් අවශ්‍ය වන පාරිභෝගිකයන් මුලින්ම කළයුතු වන්නේ, මෙම සේවාවට අදාළ ක්ෂණික ඇමතුම් අංකය වන 0716 222 555 අංකය ඇමතීමය. එහිදී පුහුණුවලත් ඖෂධවේදියෙකු අදාළ පාරිභෝගිකයාට අවශ්‍ය තොරතුරු හා උපදෙස් ලබාදෙනු ඇත. ඉන් අනතුරුව එම පාරිභෝගිකයාට සබැඳියක් (Link) සහිත කෙටිපණිවිඩයක් (SMS) ලැබෙන අතර, එම සබැඳිය වෙත පිවිසී තම ඖෂධ නිර්දේශය ඇතුළත් (Upload) කළවිට, ඔහුට හෝ ඇයට අවශ්‍ය ඖෂධ නිවසටම ලැබෙනු ඇත. ජනතාවගේ පහසුව වෙනුවෙන් ප්‍රධාන භාෂා තුනෙන්ම මෙම සේවාව ක්‍රියාත්මක කෙරේ.

නවීන ඩිජිටල් තාක්ෂණයවෙත යොමුවීම සඳහා රජයේ ඖෂධවේදීන්ගේ සංගමයට අත්වැලක්වෙමින්, ජාතික ඖෂධ අලෙවිසැල් සහය සේවාව සඳහා අවශ්‍ය පිටුබලය ලබාදීමට SLT-MOBITEL සහ eChannelling සේවාව කටයුතු කරඇත. මීට අමතරව රෝගීන්ට කිසියම් අතිරේක සහයෝගයක් අවශ්‍ය නම් එම සහයෝගය ලබාදීම සඳහාද මෙම සේවාව ක්‍රියාත්මකවේ.

ඖෂධ ඇණවුම් කිරීමේදී eChannelling සේවාවේ ඖෂධ නිර්දේශ පිටුවවන https://www.echannelling.com/echannelling-prescription-view/  වෙත පිවිසී තම ඖෂධ නිර්දේශයේ ඡායාරූපයක් අප්ලෝඩ් කළ හැකි අතර, ඒ ඔස්සේ තමන්ට අවශ්‍ය ඔසුසල් ඖෂධ රජයේ ලියාපදිංචි ඖෂධ අලෙවි සැලකින් මිලදී ගෙන නිවෙස ම ගෙන්වා ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments