25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPඔක්තෝබර් පළමු වෙනිදාට යෙදෙන චීනයේ 72 වන ජාතික දින සැමරුම අන්තර් ජාලයෙන්.

ඔක්තෝබර් පළමු වෙනිදාට යෙදෙන චීනයේ 72 වන ජාතික දින සැමරුම අන්තර් ජාලයෙන්.

ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය මගින් සංවිධානය කළ චින මහජන සමුහාණ්ඩුවේ 72 වන ජාතික දින සැමරුම වෙනුවෙන් සංවිධානය කළ විද්වත් දේශණ මාලාව Zoom තාක්ෂණය ඔස්සේ අද(30) පැවැත් විය.

ශ්‍රී ලංකාව හා චීනය ඇතුලු රටවල් රැසක නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගී විය. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් අරුණ හපුආරච්චි, නුවරඑළිය දිස්ත්‍රික් කොව්ඩ් මර්දන කමිටුවේ සාමාජික වෛද්‍ය මධුර සෙනෙවිරත්න, ප්‍රවීණ මාධ්‍යවේදි දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ, චින කැඩපත සඟරාවේ ප්‍රධාන කර්තෘ මධුශාන් කුලරත්ත, නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි නයනා වන්නිආරච්චි යන මහත්ම මහත්මින් ඇතුලු විද්වතුන් හා වෘත්තිකයන් මෙහිදි දේශන පැවැත්වූහ.

චීන කොමියුනිස්ට් පක්ෂය හා එහි නායකත්වය චීන සංවර්ධනයට ගත් ක්‍රියාමාර්ග, චීනය කොව්ඩ් 19 මර්දනය කළ ආකාරය, චීනයේ ආර්ථික සංවර්ධනය, චීනයේ පාසල් අධ්‍යාපනය ඇතුළු මාතෘතාවන් කිහිපයක් ඔස්සේ දේශන පැවැත්වූහ.

වැඩසටහන මෙහෙය විම ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා විසින් සිදුකල අතර දේශන ආශ්‍රයෙන් අසන ලද ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදුන් අය වෙත සමරු තිළිණ පිරිනැමු අතර ඒවා ඉදිරියේදී ලබා දිමට නියමිතය.

මෙම අවස්ථථාවට ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ නියෝජ්‍ය සභාපති දුනිල් හෙයියන්තුඩුව, ප්‍රධාන ලේකම් අරුණ කුරුකුලසුරිය, උප ලේකම් නිශාන්ත වික්‍රමසිංහ, ලෙස්ටර් රූපසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරින් ඒක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments