23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් කහ කිලෝ 1334කට අධික...

නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් කහ කිලෝ 1334කට අධික තොගයක් නාවික හමුදා භාරයට.

නාවික හමුදාව ( 02) අළුයම යාපනය, ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කල්පිටිය කුඩාව වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 1334කට අධික තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

නාවික හමුදාව පසුගිය දෙදින තුළ ( 30 සහ 01) දිවයින වටා මුහුදු තීරය සහ වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රැගෙන ආ වියළි කහ කිලෝ 4940කට අධික තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට සමත් විය.

ඒ අනුව ( 02) අළුයම උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින් යාපනය, ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පී 010 වෙරළබඩ යාත්‍රාව සහ කුඩා යාත්‍රා යොදවා සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී ගොඩබිම දෙසට පැමිණෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර එම යාත්‍රාව තුළ තිබූ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ගෝනි උර 12ක අසුරන ලද වියලි කහ කිලෝ 632 ග්‍රෑම් 800 පමණ ප්‍රමාණයක් සමඟ එම ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මගින් අද අළුයම කල්පිටිය කුඩාව වෙරළ ප්‍රදේශයට පැමිණෙමින් තිබූ සැක සහිත යාත්‍රා කිහිපයක් නිරීක්‍ෂණය කර එම වෙරළ ප්‍රදේශයේ සිදුකළ තවත් සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන විත් ලොරි රථයක් මඟින් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් තිබූ උර 20ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 702 ක තොගයක් සමඟ සැකකරුවකු (01) සහ එම ලොරි රථය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාව අද අළුයම යාපනය සහ කල්පිටිය ප්‍රදේශයන්හි සිදු කළ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 1334 ග්‍රෑම් 800ක පමණ තොගයක් නීතියේ රැහැනට හසුකරදීමට සමත් විය.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයටගත් සැකකරුවන් වයස අවුරුදු 28 ත් 45ත් අතර ව‍යසේ පසුවන පේසාලේ සහ කල්පිටිය ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනා ගන්නා ලද අතර, එම සැකකරුවන්, වියළි කහ, ලොරි රථය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහ කටුනායක රේගු කාර්යාලයන් වෙත භාරදීමට නියමිතව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments