25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPජර්මානු ආරක්‍ෂක උපදේශක හා නාවික හමුදාධිපති අතර හමුවක්.

ජර්මානු ආරක්‍ෂක උපදේශක හා නාවික හමුදාධිපති අතර හමුවක්.


ජර්මානු ආරක්‍ෂක උපදේශක කපිතාන් ජෙරල්ඩ් කෝච් (Gerald Koch) (05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවූවේය.

කපිතාන් ජෙරල්ඩ් කෝච්, ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයට අනුයුක්තව ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කරන අතර, ඔහු නිල වශයෙන් නාවික හමුදාධිපති හමුවූ ප්‍රථම අවස්ථාව මෙය විය. මෙම නිල හමුවේදී දෙරටේ නාවික හමුදා අතර පවත්නා දිගුකාලීන සබඳතාවය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් මෙන්ම ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක් පැවැත්විණි.

තවද. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ඔලාෆ් මැල්කෝව් (Olaf Malchow), ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ජෑන් සිහාර් (Jan Cihar) සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ වෙළඳ, සංවර්ධන සහ දේශපාලන කටයුතු පිළිබඳ උපදේශක, ධරිනි දළුවත්ත මහත්මිය සහභාගී වූ අතර, මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments