21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPප්‍රංශ ආරක්‍ෂක උපදේශක හා නාවික හමුදාධිපති අතර හමුවක්.

ප්‍රංශ ආරක්‍ෂක උපදේශක හා නාවික හමුදාධිපති අතර හමුවක්.

ප්‍රංශ ආරක්‍ෂක උපදේශක කපිතාන් ඊව් ලු කෝ (Captain Yves LE CORRE) අද (2021 ඔක්තෝබර් 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

කපිතාන් ඊව් ලු කෝ,ඉන්දියාවේ ප්‍රංශ තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාව පිළිබඳ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කරන අතර, ඔහු නිළ වශයෙන් නාවික හමුදාධිපති හමුවූ ප්‍රථම අවස්ථාව මෙය විය. මෙම නිල හමුවේදී දෙරටේ නාවික හමුදාවන් අතර පවත්නා දිගුකාලීන සබඳතාවය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් මෙන්ම ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක් පැවැත්විණි.  

තවද. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ධූත මෙහෙයුම් ප්‍රධානී ඕරොලියෙන් මෙලේ (Aurelien Maillet) සහ ඉන්දියාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක ගෲප් කපිතාන් නෝබට් ගේන් (Group Captain Norbert GAINE), ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුයුක්ත නාවික කොමසාරිස් රොබටෝ ලීමෝස් (Navy Commissioner Roberto LEMOS) හා ජෝන් බැප්ටිස් ටෲශේ (Jean – Baptiste TROUCHE) මහතා සහ ආරක්‍ෂක උපදේශක සහායක සෙඩ්ඩ්‍රික් ෆෝනිය (Adjutant Cedric FOURNIER) යන නිලධාරීන් සහභාගී වූ අතර, මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments