29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්VTA සමඟ LECO අත්වැල් බැඳ ගනී.

VTA සමඟ LECO අත්වැල් බැඳ ගනී.

නිපුණත්වයෙන් සපිරි ශ්‍රම බලකායක් බිහිකිරීමේ උදාරතර සංකල්පය අනුව, දීප ව්‍යාප්තව සිටින තරුණ තරුණියන්ගේ දැනුම හා කුසලතාවයන් ඔප්නංවමින් වෘත්තීය වශයෙන් ජාතික සුදුසුකම් සහතිකයක් මගින් ජීවිතයට වටිනාකමක් එක් කරවීම තහවුරු කර ගැනීම උදෙසා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය පෞද්ගලික ආයතනයක් හා එක්ව අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි.

ලංකා විදුලි (පුද්ගලික) සමාගම හා ඒකාබධව ගෙන යන මෙම වැඩපිළිවෙළ සඳහා වෘත්තීය පුහුණු අධිකාරිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෘත්තීය පුහුණු ආයතනය ලෙස පෙරමුණ ගෙන ලංකා විදුලි (පුද්ගලික) සමාග‍මේ (LECO) වෘත්තිකයන් පුහුණු ශ්‍රමිකයන් ලෙස බලගැන්වීමේ ක්‍රියාන්විතයෙහි අධීක්ෂණ කටයුතු සිදු කරයි.

LECO සමාගමේ වසර ගණනාවක පළපුරුද්ද සහිත ලයින්ස්මන් කාර්මික ශිල්පීන් වෙත RPL ක්‍රම වේදය යටතේ ඇගයීම් සිදු කර ඔවුන්ට වෘත්තීය වශයෙන් ප්‍රවීණතා සහතිකය ලබා දී ස්ථීරත්වයට පත් කෙරේ. එහිදී ඔවුන්ගේ කුසලතාවයේ අඩුපාඩු පෙර ඇගයීම් මගින් හඳුනා ගෙන අවශ්‍ය දැනුම ලබා දීමට පියවර ගනියි.

මීට අමතරව LECO සමාගම වෙත බඳවා ගනු ලබන හා එහි සිටින නුපුහුණු ශ්‍රමිකයන් සඳහා වෘත්තීය පුහුණුව ලබා දීම හා ඔවුන්ගේ LECO පුහුණු මධ්‍යස්ථානය K-Tec ආයතනය හරහා ඒකාබද්ධව ප්‍රතීතන කටයුතු සිදු කරමින් වෘත්තීය පුහුණු කටයුතු ක්‍රමවත්ව නිසි අධීක්ෂණය යටතේ අවසන් ඇගයීම් කටයුතු සිදු කර NVQ – Level 3 වෘත්තීය සුදුසුකම් ලබා දීම සිදු කරනු ලබයි.

මෙම අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරි එරංග බස්නායක මහතා හා LECO සභාපති සභාපති නීතීඥ අතුල ප්‍රියදර්ශන ද සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ඔරුගොඩවත්ත K – Tec ආයතනයේදී අත්සන් කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් ගරු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මැතිණිය හා ලංකා විදුලි (පුද්ගලික) සමාගම වෙනුවෙන් එම ආයතනයේ සභාපති නීතීඥ අතුල ප්‍රියදර්ශන ද සිල්වා මහතා සමගින් සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙන්ම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති,ප්‍රධාන විධායක නිලධාරී එරංග බස්නායක මහතා උප සභාපති මහේෂ් ආරියරත්න මහතා, අධ්‍යක්ෂ ජනරාල් චූලාංගනී පෙරේරා මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඬලය සහභාගී වූහ.

මෙලෙස රාජ්‍ය ආයතනයක් හා පෞද්ගලික ආයතනක් අතර අවබෝධාත්මක අන්තර් ක්‍රියා තුළින් සමස්ත තාරුණ්‍ය හරහා රටක ශ්‍රම සම්පත් ඇති කිරීමට හේතුවේ. ඉදිරි දශකය තුළ නුපුහුණු ශ්‍රමික ප්‍රතිශතය අවම කර පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් ගනු ලබන මෙම පියවරයන් නුදුරේම අති සාර්ථක වනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments