26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමී ඔයේ වැලි ජාවරමක් හා කේරල ගංජා ඇතුළු නිීතිවිරෝධි මත්පැන් ජාවාරමුන්...

මී ඔයේ වැලි ජාවරමක් හා කේරල ගංජා ඇතුළු නිීතිවිරෝධි මත්පැන් ජාවාරමුන් අල්ලා ගැනීමට එස්.ටී.එෆ්. සමත්වෙයි.

දෙලක්ෂ විසිදාහක් (රු. 220,000.00) පමණ වටිනා කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ආර්.ඒ.ඩි.සි.එස්. රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (05) වෙල්ලාවලී පොලිස් වසමේ පුලි අඩි හන්දිය අසල දී වැටලීමක් සිදුකර කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 100 ක් සහිත පාර්සලයක් සන්තකයේ තබාගෙන සිටි ශන්කර් පුරම්, මණ්ඩූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙල්ලාවලී පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මේ අතර ත්‍රීකුණාමලය කඳවුරේ නිලධාරී කණ්ඩායමක් වැටලීම් තුනක් සිදුකර බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් ටිපර් රථ ආධාරයෙන් පස් ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. වාලච්චේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීම් හතක් සිදුකරන බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් ට්‍රැක්ටර් රථ ආධාරයෙන් වැලි ප්‍රවහනය කළ පුද්ගලයින් හතක් අත්අඩංගුවට ගෙන ඇත. වාලච්චේන කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීමක් සිදුකර බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කර වැලි ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයකු හා ඒ සඳහා යොදාගන්නා ටිපර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත. ගම්පොල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙනතිබේ. පූගොඩ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් ළඟ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරි කණ්ඩායමක් වැටලීමක් සිදුකර කේරළ ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම විශේෂ මෙහෙයුම් අංශ 1හි නිලධාරි කණ්ඩායමක් වැටලීමක් සිදුකර නීතිවිරෝධි ලෙස තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලැබු රජයේ අවවාදය සඳහන් නැති Manchester වර්ගයේ විදේශීය දුම්වැටි හත්සීයක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් සෝදිසි කිරීමක් සිදුකර දුම්කොළ කැබිලි කිහිපයක් ළඟ තබාගත් රැඳවියෙක් අත්අඩංගුවට ගෙන ඇත.බුත්තල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලීමක් සිදුකර බලපත්‍ර රහිතව ජංගම ඉරුම් පට්ටලයක් ආධාරයෙන් තේක්ක දැව ඉරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. හපුතලේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් වැටලිමක් සිදුකර සැකකරුවකු රහිතව නීති විරෝධි (කසිප්පු) පෙරීමට යොදාගන්නා ගෝඩා මිලි ලීටර් 168,000ක් සහිත බැරලයක් අත්අඩංගුවට ගෙන ඇත. පුලියන්කුලම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමක් සිදුකර කේරළ ගංජා ග්‍රෑම් 3.850ක් නීති විරෝධි ලෙස ළඟ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම කඳවුරේ නිලධාරි කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමක් සිදුකර මී ඔය රක්ෂිතයේ ජෛව විවිධත්වය හා පරිසර පද්ධතියට හානිවන අයුරින් අනවසරයෙන් ඇතුළුවි බලපත්‍ර රහිතව පාරු යොදා ගෙන මී ඔය කැණිම් කර රථයකට වැලි පටවමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments