ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 70 කට අධික ග්‍රෑම් 4848 ක් වූ රන් බිස්කට් 48 ක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පිරිසිදු කිරීමේ සේවකයකු පිටතට රැගෙන යන්න උත්සහ කිරීමේදී සොයාගෙන තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ, සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අද(19) අලුයම2.00 ට පමණ, ගුවන්තොටුපල පිරිසිදුකිරීම් අංශයේ සේවය කරන වයස අවුරුදු 25 ක් පමණ වන පිරිසිදු කිරීම් අධීක්ෂකවරයෙක්, රත්තරන් බිස්කට් ඉතා සූක්ෂම ලෙස ශරීරයේ සගවාගෙන ගුවන්තොටුපල පරීශ්‍රයෙන් පිටතට රැගෙන යාමේදී පරීක්ෂාවට ලක්කර අත්අඩංගුවට ගෙන තිබේ.
එහි මුලු බර ග්‍රෑම් 4848 ක් වූ රන් බිස්කට් 48 ක් සොයාගත් අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 70 කට අධික බව මූලික විමර්ශනය මගින් තහවුරු කරගෙන ඇත. එසේ අතඅඩංගුවට ගත් රන් භාණ්ඩ රාජසන්තක කරන ලැබු අතර ඉදිරි විමර්ශන කටයුතු, රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි, අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සහ සමාජ ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂගේ අනුදැනුම මත, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සහ රේගු අධිකාරී වරුන්ගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදු කරනු ලබති.