ලොව වසඟ කළ ශ්‍රී ලාංකේය යොවුන් ගායිකා යොහානි ද සිල්වා ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය හින්දි භාෂාවෙන් නිර්මාණය කර බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා ඇතුළත් කර තිබේ.
ඉන්දීය සුපිරි නළුවන් දෙදනකු වන අජේ දේව්ගන් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා රංගනයෙන් දායකත්වය සපයන එම චිත්‍රපටය නම් කර ඇත්තේ තෑන්ක් ගෝඩ් නමින්ය. එහි රූගත කිරිමේ මේදිනවල සිදුකෙරේ.
ඒ සඳහා ඇතුළත් කර ඇති මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි පිටපත ඉන්දීය ගී පද රචක රෂ්මි විරාග් රචනාකර තිබෙන අතර ටනිෂ්ක් බාච් එහි සංගීතය නිර්මාණය කර තිබෙන වාර්තාවේ.