22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්බැංකු සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර.ඇමැති නිමල් සිරිපාලද සිල්වා

බැංකු සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර.ඇමැති නිමල් සිරිපාලද සිල්වා

රටේ ජාතික හා ආර්ථික සංවර්ධනයට විශාල මෙහෙවරක් සිදු කරන රජයේ හා පෞද්ගලික අංශයේ බැංකු සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඉකුත්(21)ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිත පිරිසක් සමඟ කම්කරු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු 18 ක සාමාජික සාමාජිකාවන් 30000 කින් සමන්විත ලංකා බැංකු සේවක සංගමය වසර 78 ක ඉතිහාසයක් ඇති ලියාපදිංචි ස්වාධීන වෘත්තිය සමිතියක් බව මෙහි දී එම සංගමයේ සභාපති චන්න දිසානායක මහතා පැවසීය.සමහර බැංකු පරිපාලකයන් මෙරට කම්කරු නීතිය සහ සාමාන්‍ය සාධාරණ ක්‍රමවේදයන්ට පටහැනි ක්‍රියා මගින් තම සංගමයේ සාමාජිකයන් විවිධ පීඩාවන්ට ලක් කරන බවට මෙහි දී පැමිණ සිටි නියෝජිතයෝ පෙන්වා දුන්හ.විශේෂයෙන් උසස්වීම් දීමේ දී තම සංගමයේ සාමාජිකයන් ගෙන් විවිධාකාරයේ පළිගැනිම් සිදු කරන බව ඔවුහු පෙන්වා දුන්හ.

මෙම බැංකු සේවක සංගමයේ නියෝජිතයන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,ලංකා බැංකු සේවක සංගමය ඉදිරිපත් කරන කරුණු පිළිබඳ වෘත්තීය සමිති ආඥා පනත්වලට අනුකූලව අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කොට ඉදිරි නිත්‍යානුකූල නිසි පියවර ගන්නා මෙන් කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතාට උපදෙස් දුන්නේය.
එසේම වසර 3කට වරක් ලංකා බැංකු සේවක සංගමය සහ රජයේ බැංකු පරිපාලකයන් සමඟ අත්සන් තබන සාමූහික ගිවිසුමට අත්සන් තැබීම මේ වන විට ප්‍රමාදවීම සම්බන්ධවද බැංකු සේවක සංගමය කරුණු පෙන්වා දුන් අතර ඒ ඒ පිළිබඳ කරුණු සොයා බලා අවශ්‍ය පියවර ගන්නා මෙන් අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද ලංකා බැංකු සේවක සංගමය මහ ලේකම් රන්ජන් සේනානායක මහතා ද එක් වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments