විදෙස්ගතව සැඟව සිටින
සංවිධානාත්මක අපරාධකරුවකු
වන රත්මලානේ අංජු ගේ මත්ද්‍රව්‍ය
ජාවාරමේ යෙදෙන පුද්ගලයන්
දෙදෙනෙකු විශේෂ කාර්ය
බලකායේ නිලධාරීන් අත්අඩංගුවට
ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන
නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර
මහතාගේ නියෝග පරිදි විශේෂ
කාර්ය බලකාය බුද්ධි
කොටිඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන
පොලිස් පරීක්ෂක නදීක සිල්වා
නිලධාරීන්වෙත ලැබුණු
තොරතුරකට අනුව පොලිස්
පරීක්ෂක එච්.ජි.එස්.සී. නිශ්ශංක
ඇතුළු නිලධාරී කණ්ඩායමක්
(01) ගල්කිස්ස පොලිස් වසමේ
රත්මලාන ප්‍රදේශයේ දී වැටලීමක්
සිදුකර ඇත.
එහිදි විදෙස්ගතව සැඟව සිටින
සංවිධානාත්මක අපරාධකරුවකු හා
මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමි
කරුවකු වන සිංහාරගේ අමල්
චමින්ද සිල්වා නොහොත්
රත්මලාන කුඩු අංජුගේ මත්ද්‍රව්‍ය
ජාවාරම් මෙහෙයවන
සමීපතමයෙකු වන එදිරිමුණි
ඉන්දික සුරංග සොයිසා නොහොත්
ලංසියාවත්තේ සුද්දා හා පල්ලගේ
කිත්සිරි ප්‍රේමලාල් සිල්වා
හෙරොයින්,හා කේරළ ගංජා
සන්තකයේ තබාගෙන සිටිය දී
අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම
සැකකරුවන් මනුෂ්‍ය ඝාතන පහක්
සහ මත්ද්‍රව්‍ය ජාවාරමි සිදු කිරීම
හේතු කොටගෙන රක්ෂිත
බන්ධානාගාර ගත කර ඇපමත මුදා
හැර සිටින රත්මලාන ප්‍රදේශයේ
පදිංචි වයස අවුරුදු 34, 39
පසුවන පුද්ගලයන් වන අතර
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා
ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත
භාර දී ඇත.
එම අවස්ථාවේදී
හෙරොයින් ග්‍රෑම් 05, මිලි ග්‍රෑම්
110 යි,කේරළ ගංජා ග්‍රෑම් 46,
මිලි ග්‍රෑම් 400ක්,ජංගම දුරකථන
02 ක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර විශේෂ පොලිස් කාර්ය
බලකාය මෙහෙයුම් ඒකකය11හි
නිලධාරි කණ්ඩායමක් නවගමුව
පොලිස් වසමේ කඩුවෙල
ප්‍රදේශයේදී කේරළ ගංජා ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන තිබේ. සංවිධානාත්මක
අපරාධ මර්දන ඒකකය1හි
නිලධාරි කණ්ඩායමක් ග්‍රෑන්ඩ්පාස්
පොලිස් වසමේ ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ
ප්‍රදේශයේ කේරළ ගංජා ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන ඇත. පූගොඩ කඳවුරේ
නිලධාරි කණ්ඩායමක් එම පොලිස්
වසමේ උඩකනම්පැල්ල, පූගොඩ
ප්‍රදේශයේ හෙරොයින් ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන තිබේ. වැලිකඩ බන්ධනාගාර
සංකීර්ණයේ රාජකාරි කරනු ලබන
නිලධාරි කණ්ඩායමක් රැඳවියකු
ළඟ තිබි රුපියල් අටසීයක් වටිනා
මුදල් නෝට්ටු 4ක් සමඟ ඔහු
අත්අඩංගුවට ගෙන තිබේ.
කැබිතිගෝල්ලෑව කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් මැදවච්චිය පොලිස්
වසමේ මැදවච්චිය
කැබිතිගෝල්ලෑව මාර්ගයේ කේරළ
ගංජා ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන ඇත.
මාන්කූලම් කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් එම පොලිස් වසමේ
කෙලවන්කූලම් ප්‍රදේශයේදී බලපත්‍ර
කොන්දේසී උල්ලංඝණය කර වැලි
පටවමින් සිටි දෙදනකු
අත්අඩංගුවට ගෙන වැඩිදුර
විමර්ශන සඳහා මාන්කූලම්
පොලිසියට භාරදී තිබේ.වව්නියාව
කඳවුරේ නිලධාරි කණ්ඩායමක්
ඕමන්ත පොලිස වසමේ
නාම්බන්කූලම් රජයේ රක්ෂිතයට
අනවසරයෙන් ඇතුළුවි මිල්ල දැව
කපමින් සිටි පුද්ගලයින් දෙදනකු
අත්අඩංගුවට ගෙන තිබේ. බුත්තල
කඳවුරේ නිලධාරි පිරිසක්
මොනරාගල පොලිස වසමේ
මරගල රක්ෂිතයේ නැඟෙනහිර
බෑවුව ප්‍රදේශයේ නීති විරෝධි ලෙස
වගාකර තිබු ගංජා හේන් දෙකක්
අත්අඩංගුවට ගෙන ඇත. රත්ගම
කඳවුරේ නිලධාරි කණ්ඩායමක්
ගාල්ල පොලිස් වසෙම් මහ හපුගල
, ගිංතොට ප්‍රදේශයේදී බලපත්‍ර
නැතිව පස් කැණීම් කරමින් සිටි
දෙදනකු සහ බලපත්‍ර නැතිව පස්
ප්‍රවාහනය සඳ සූදානම් කරමින් සිටි
අයකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොක්මාදූව උපකඳවුරේ නිලධාරි
කණ්ඩායමක් වැලිගම් පොලිස්
වසමේ වැලිපිටිය ප්‍රදේශයේදී
තීරුබදු රහිතව මෙරටට ගෙන්වන
ලැබු දුම්වැලි ළඟ තබාගෙන සිටි
අයකු අත්අඩංගුවට ගෙන
තිබේ.වාලච්චේන කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් එම පොලිස් වසමේ
නාවල් අඩි හන්දිය අසලදී බලපත්‍ර
කොන්දේසී උල්ලංඝණය කර වැලි
ප්‍රවාහනය කරමින් සිටි අයකු
අත්අඩංගුවට ගෙන ඇත. මහඔය
කඳවුරේ නිලධාරි කණ්ඩායමක්
එම පොලිස් වසමේ ටැම්පාන
දඹදෙණිය හංදිය ප්‍රදේශයේ බලපත්‍ර
කොන්දේසී උල්ලංඝණය කර වැලි
ප්‍රවාහනය කරමින් සිටි අයකු
අත්අඩංගවට ගෙන තිබේ.
කලවංචිකුඩි කඳවුරේ නිලධාරි
පිරිසක් වෙල්ලාවලි පොලිස් වසමේ
කච්චේන ප්‍රදේශයේ වෙල් යායාකදී
බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය
කර බොරළු පස් පටවමින් සිටි
පුද්ගලයකු සහ බොරළු පස්
ප්‍රවාහනය සූදානම් කරමින්
පුද්ගලයකුද අත්අඩංගුවට ගෙන
තිබේ. වාලච්චේන කඳවුරේ
නිලධාර පිරිසක් එමපොලිස් වසමේ වඩමුණේ ග්‍රාමසේවා කොට්ඨාශයේ වඩමුණේ ප්‍රදේශයේදී බලපත්‍ර නැතිව වැලි කෑණීම් කර ට්‍රැක්ටර් රථයකට පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. උඩවලව කඳවුරේ නිලධාරි කණ්ඩායමක් ගොඩකවෙල පොලිස් වසමේ ගල්පාය, පල්ලේබද්ද ප්‍රදේශයේ බලපත්‍ර නැතිව ජංගම ඉරුම් බංකුවක් යොදාගනිමින් තේක්ක දැව ඉරමින් සිටි පුද්ගලයින් දෙදනකු අත්අඩංගුවට ගෙන ඇත. අම්බලන්තොට කඳවුරේ නිලධාරි කණ්ඩායමක් කුට්ටිගල පොලිස් වසමේ පහල ඇල,ඌරු පැලැන්ත පදලංගල ප්‍රදේශයේදී බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කර වැලි ප්‍රවාහනය කරමින් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.