සංවිධානාත්මක අපරාධ කල්ලි
නායක මන්නා රමේෂ් ඇතුළු
තිදෙනෙක් විශේෂ කාර්ය බලකායේ
අත්අඩංගුවට
(16)
සිදුකරන ලැබු පුද්ගල ඝාතනයක්
සම්බන්ධයෙන් සැකකරුවන්
තිදෙනෙකු
විශේෂ කාර්ය
බලකාය සංවිධානාත්මක අපරාධ
මර්ධන ඒකකය II නිලධාරීන්
කණ්ඩායමක් විසින් අත්අඩංගුවට
ගැනීමට සමත් වී ඇත.
වයස අවු.
25 ක් වූ මියගිය පුද්ගලයා
අවිස්සාවේල්ල, නාපාවල ප්‍රදේශයේ
29 හැවිරිදි මන්නා රමේෂ්
නැමැත්තාගේ නිවෙසට කැඳවා
පසුගිය 16 වන දින රාත්‍රියේ
මත්පැන් සාදයක් පවත්වා ඇති
අතර එහි දී මෙම පුද්ගලයා
ඝාතනයට ලක් වී ඇත. රිපීටර්
වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා
මෙම මනුෂ්‍ය ඝාතනය සිදුකර ඇති
අතර සංවිධානාත්මක අපරාධ
කල්ලි නායක මන්නා රමේෂ්
නැමැත්තා ඝාතනය සම්බන්ධයෙන්
සැකපිට රිපීටර් වර්ගයේ ගිනි
අවියක් හා එම උණ්ඩ 05 ක් සමග
අත්අඩංගුවට ගෙන ඔහුගෙන්
ලබාගත් තොරතුරු අනුව සාදයට
සහභාගි වූ වයස අවුරුදු 24 හා
22 වයස් වල පසුවන නාපාවල
ප්‍රදේශයේ පදිංචිකරුවන්
දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන
ඇත.
මන්නා රමේෂ් නැමැත්තා
විසින් වෙඩි තබා ඝාතනය කිරීමෙන්
අනතුරුව ඝාතනය සැගවීම සඳහා
තවත් සිව් දෙනෙකු සමග මියගිය
පුද්ගලයාගේ සිරුර මීපිරිපොල
ප්‍රදේශයේ නිස්සරණ කැලයට
රැගෙන ගොස් වල දමා ඇත.
විශේෂ
කාර්ය බලකාය අණදෙන නිලධාරී
නියෝජ්‍ය පොලිස්පති නීතිඥ
වරුණ ජයසුන්දර මහතාගේ සෘජු
අධීක්ෂණය යටතේ සහකාර
පොලිස් අධිකාරී කේශර රත්නවීර
මහතාගේ උපදෙස් පරිදි
සංවිධානාත්මක අපරාධ මර්ධන
ඒකකය II ස්ථානාධිපති පො.ප.
පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන්
කණ්ඩායමක් විසින් මෙම වැටලීම
සිදුකර ඇත.
ස්කැනර් යන්ත්‍රයක් භාවිතයෙන් පුරාවස්තු පුරාවස්තු සොයමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
(18) ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඊච්චලම්පත්තුව, පූනගර් ප්‍රදේශයේ දී සිදුකරන ලද වැටලීමක දී පුරාවස්තු සෙවිමෙි අරමුණින් කැණීමි කරමින් සිටි පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය කන්තලේ කදවුර නිලධාරීන්ට හැකි විය. AKS GOLD Long Range වර්ගයේ ස්කෑනර් යන්ත්‍රයක් භාවිතයෙන් භූමිය ස්කෑන් කර පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටියේ මෙම පිරිස වයස අවුරුදු 40- 55 අතර පසුවන පන්නිපිටිය නූරිය මාලඹේ ප්‍රදේශවල පදිංචිකරුවන්. තවද අලවංගු පොරව සවල් උදලු ඇතුළු කැණීම් උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඊච්චලම්පත්තුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ වව්නියාව කලාප අණදෙන නිලධාරි ජේෂ්ඨ පොලිස් අධිකාරි ගුණරත්න මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බලකාය කන්තලේ කඳවුරේ කන්තලේ කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්‍ෂක එම්.එස්. ඊබ්‍රහිම් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරී යුධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව හෙරොයින් සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. මීට සම්බන්ධ බවට සැකකරන කාන්තාව ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට තොරතුරු වාර්තාවි තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් දොම්පේ පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. මෙහෙයුම් අංශය 1ට අනුයුක්ත නිලධාරි කණ්ඩායමක් අලුබෝමුල්ල පොලිස් වසමේ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනහේන කඳවුරේ නිලධාරී පිරිසක් ගණේමුල්ල පොලිස් වසමේ කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයක් අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර කඳවුරේ නිලධාරි කණ්ඩායමක් පල්ලේකැළේ පොලිස් වසමේ හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. දඹුල්ල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් ගලේවෙල පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් හා පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කහවත්ත කඳවුරේ නිලධාරි පිරිසක් නිවිතිගල පොලිස් වසමේ බලපත්‍ර නැතිව අනවසරයෙන් පතල් කැණීම් කරනු ලැබු ස්ථාන දෙකක් වටලා පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. කහවත්ත කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස වසමේ නීති විරෝධි මත්පැන් හා පෙරීමේ උපකරණ ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරි පිරිසක් අහංගම පොලිස් වසමේ නීති විරෝධි හෂිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. වාකරේ කඳවුරේ නිලධාරි පිරිසක් එම පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කන්තලේ කඳවුරේ නිලධාරි කණ්ඩායමක් නිලාවේලි පොලිස් වසමේ කේරළ ගංජා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. සමන්තුරේ කඳවුරේ හා අම්පාර කඳවුරේ නිලධාරි ඒකාබද්ධව අම්පාර පොලිස් වසමේ අම්පාර උසාවිය අසලදී ක්ෂාණීක මාර්ග බාධකයකදී තහනම් සතකුගේ දළ කොටස් (ගජමුතු) ළඟ තබාගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. පස්සර කඳවුරේ නිලධාරි පිරිසක් බදුල්ල පොලිස් වසමේ නීති විරෝධි මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ගෝඩා ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල කඳවුරේ නිලධාරි කණ්ඩායමක් එම පොලිස් වසමේ යතුරු පැදියකින් නීති විරෝධි මත්පැන් ප්‍රවාහනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.