29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්වෛද්‍ය නිලධාරින්ගේ මාරු මණ්ඬලය පැවැති ආකාරයට ම පවත්වාගෙ යෑමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...

වෛද්‍ය නිලධාරින්ගේ මාරු මණ්ඬලය පැවැති ආකාරයට ම පවත්වාගෙ යෑමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදෙයි.

ශ්‍රේණිධාරි වෛද්‍ය නිලධාරින්ගේ ස්ථාන මාරු මණ්ඬලය මෙතෙක් පවත්වාගෙන ආ ක්‍රමයේදයටම ඉදිරියටත් පවත්වාගෙන යන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින්ට ඒ මහතා මෙසේ උපදෙස් ලබාදී තිබේ. ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග අරලියගහ මන්දීරයේ (04) පැවැති සාකච්ඡාවේදි ඉදිරිපත්වු කරුණු සැළකිල්ලට ගනිමිනි.

මෙතෙක් පැවැති ක්‍රමවේදය ඇතැම් නිලධාරින්ගේ අභිමතය පරිදි වෙනස් කිරීමට යෑමෙන් අර්බුද මතුවන බව පෙන්වාදෙන අග්‍රමාත්‍යවරයා දේශපාලන මතවාද අනුව යමින් රජය අපහසුතාවයට පත් නොකර ආයතන සංග්‍රහයට අනුව ක්‍රියාකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින්ට දැනුම් දි ඇත. වෛද්‍ය පරිපාලන ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ ලෙස දෙකොටසකට බෙදා ක්‍රියාත්මක නොකර එකම නියැඳියක තබා කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙහිදි යෝජනාවක් ඉදිරිපත් කළේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්,සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය එස්.එච්. මුණසිංහ, ජාතික වැටුප් කොමිෂන් සභාවේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න, රාජ්‍යසේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ අධ්‍යක්ෂ ජනරාල් චන්දන කුමාරසිංහ, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රියංග නානයක්කාර , අග්‍රාමාත්‍ය සහකාර ලේකම් ෆාතිමා ෆර්සානා, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණීය යන මහත්ම මහත්මිහු අතුළු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සහභාගිව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments