29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඅපරාධමය කටයුත්තක් සඳහා යොදා ගන්නා ලද බවට සැකකෙරෙන මෝටර් රථයක්, නීති විරෝධි...

අපරාධමය කටයුත්තක් සඳහා යොදා ගන්නා ලද බවට සැකකෙරෙන මෝටර් රථයක්, නීති විරෝධි මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටි.එෆ්. අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධමය කටයුත්තක් සඳහා

යොදා ගන්නා ලද බවට

සැකකෙරෙන මෝටර් රථයක්

කොටස් කරමින් සිටි පුද්ගලයින්

තිදෙනෙකු විශේෂ කාර්ය බලකාය

නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන

කඳවුරේ නිලධාරීන්ට ලැබුණු

තොරතුරකට අනුව උප පොලිස්

පරීක්ෂක ආර් . යු ප්‍රේමවර්ධන

ඇතුළු නිලධාරී කණ්ඩායමක් (04)

මරදාන පොලිස් වසමේ සංඝරාජ

මාවත කොළඹ 10 ලිපින⁣යේ දී

වැටලීමක් සිදුකොට එහිදී යම්

අපරාධමය කටයුත්තක් සඳහා

යොදා ගන් බවට සැක සහිත හා

මෝටර් රථ කොමසාරිස්තුමාගේ

අවසරයකින් තොරව මෝටර්

රථයක් කොටස් කරමින් සිටී

පුද්ගලයින් තිදෙනෙකු

අත්අඩංගුවට ගෙන වැඩිදුර

විමර්ශන කටයුතු සඳහා මරදාන

පොලිස් ස්ථානය වෙත භාර දී

තිබේ.

එහිදි අත්අඩංගුවට ගත්

පුද්ගලයින් වයස අවුරුදු

39,46, 53, වයසේ පසුවන

කොළඹ 10 හා කොළඹ 12

ප්‍රදේශයේ පදිංචිකරුවන් ය
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර
පණගන්වන ස්වීච යතුරක් නොමැති

අංක තහඩු ගලවා ඇති TATA

වර්ගයේ සුදු පැහැති හා රතු ඉරි ඇති

LP1510 මාදිලියේ SG /

HT 3800 දරණ මෝටර් රථ

ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ

ලියාපදිංචි කර ඇති MAT

35927127R28868 චැසි

අංක සහිත

697D40LXZ908633

දරණ එන්ජින් අංකය සහිත බස්

රථයේ අභ්‍යන්තර කොටස් කැබලි

කර ඇති බස් රථයක්,

එක් කෙළවරක් කටර් (ටෝච්)

සවිකොට ඇති රතු පාට හා නිල්

පැහැති අඩි 15යි අඟල් 5යි දිගැති

රබර් බට 02ක් සහිත අනෙක්

කෙලවරේ රෙගුවුලේටරයක් සහ

ඔක්සිජන් මීටරයක් සවිකොට ඇති

බට දෙකක්,5Kg කහ පැහැති

ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක්,
ඔක්සිජන් ටැංකියක්,
කහ පැහැති

SG HT 3800 අංක තහඩු

01ක්, සුදු පැහැති SG HT

3800 අංක තහඩු 01 යි.
7)

LT 1510/52 හා වැසි අංක

MAT

35927127R28868

දරණ අංක තහඩු එකක්,

Serial Number

189 වර්ෂය 2004 චැසි අංක MAT

35927127R28868 හා

එන්ජින් අංක

697D40LXZ908633

දරණ අංක තහඩු එකක්වේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිය

දෛනික වැටලීම්වලදී (04)

ගෝනහේන කඳවුරේ නිලධාරි

පිරිසක් කඳාන පොලිස් වසමේ

හෙරොයින් ළඟ තබාගැනීම සහ

හෙරොයින් ජාවාරම් කිරීමේ වරදට

දෙදනකු අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ මර්දන

ඒකකය 11හි නිලධාරි පිරිසක්

මොරටුමුල්ල පොලිස් වසමේ ශ්‍රී

ශාසනාවංශ විහාරය ඉදිරිපිට

කේරළ ගංජා ග්‍රෑම් එකසිය හැටක්

ළඟ තබාගෙන සිටි තිදෙනකු

අත්අඩංගුවට ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධ මර්දන

ඒකකය 1හි නිලධාරි පිරිසක්

කොස්ගොඩ පොලිස් වසමේ ශ්‍රී

ඥානවිමල මාවත, හීන්දරුව

හතරමංහන්දිය අසලදී

ජවාරම්කරුවකු හා

සංවිධානාත්මක අපරාධකරවකු වන

එස්.ටී.එෆ්. නඳුන්ගේ ගෝලයෙකු

බවට සැකකරන අගම්පොඩි ප්‍රභාත්

අශෝක මෙන්ඩිස් නැමැත්තා

කේරළ ගංජා ග්‍රෑම් 8.2ක් සමග

අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ

කඳවුරේ නිලධාරි පිරිසක් හංවැල්ල

පොලිස් වසමේ ආනන්දපුර ,

ගල්හිටිය, ජල්තර, රනාල

ප්‍රදේශයේ නීති වි‍‍රෝධි මත්පැන්

ලීටර් 33.75ක් ළඟ තබාගෙන

සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

බුත්තල කඳවුරේ නිලධාරි පිරිසක්

එම පොලිස් වසමේ යායපාර

කොටිගල්කන්ද ප්‍රදේශයේ නීති

විරෝධි ලෙස වගාකර තිබු අඩි

හයක් පමණ උස ගංජා ගස්

1,500 වගාකර තිබු ගංජා

හේනක් අත්අඩංගුවට ගෙන ඇත.

හපුතලේ කඳවුරේ නිලධාරි පිරිසක්

එමපොලිස් වසමේ දඹේතැන්න

පාර,ෂ්වුඩ් කෝවිල අසලදි බලපත්‍ර

නැතිව රජයේ අරක්කු ප්‍රවාහනය

කරමින් සිටි අයකු අත්අඩංගුවට

ගෙන තිබේ. වාලච්චේන කඳවු‍රේ

නිලධාරි පිරිසක් එම පොලිස්

වසමේ, කිරාන් ග්‍රාම සේව

කොට්ඨාශයේ පොණ්ඩුච්චේන

ප්‍රදේශයේ මෙරට නිෂ්පාදිත ගිනි

අවියක් අත්අඩංගුවට ගෙන තිබේ.

වාලච්චේන කඳවුරේ නිලධාරි

පිරිසක් එම පොලිස් වසමේ බලපත්‍ර

නැතිව වැලි ප්‍රවාහනය කරමින් සිටි

දෙදනකු සහ වැලි කැණීම් කරමින්

සිටි අයකු අත්අඩංගුවට ගෙන

තිබේ. වාකරේ කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් එම පොලිස් වසමේ

ටික්කානා රජයේ කැලෑ බද

ප්‍රදේශයේද් බලපත්‍ර නැතිව රජයේ

කැලෑවකින් පලුගස් කපා ඉරමින්

සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත.

පුත්තලම කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් මදම්පේ පොලිස්

වසමේ පහත සඳහන් ස්ථානයේදී

නීති විරෝධි මත්පැන් සහ එම

මත්පැන් නිෂ්පාදනයට භාවිතා

කරන උපකරණ ළඟ තබාගෙන සිටි

තිදෙනකු අත්අඩංගුවට ගෙන

ඇත.කෑගල්ල කඳවුරේ නිලධාරි

පිරිසක් රඹුක්කන පොලිස් වසමේ

රඹුක්කන ප්‍රදේශීය සභාව අසලදි

හෙරොයින් ග්‍රෑම් 2.83ක් ළඟ

තබාගෙන සිටි දෙදනකු

අත්අඩංගුවට ගෙන තිබේ.

කෑගල්ල කඳවුරේ නිලධාරි

කණ්ඩායමක් රඹුක්කන පොලිස්

වසමේ යටගම අළුගෝහින්න ප්‍රදේහයේ නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට සිටි අයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යටියන්තොට පොලසි ස්ථානය වෙත භාරදි තිබේ. මන්නාරම කඳවුරේ නිලධාරි පිරිසක් අඩම්පන් පොලිස් වසමේ පල්ලෙමඩු රෝහල පිටුපස කැලෑ ප්‍රදේශයේදි බලපත්‍ර නැති ස්ථානයකින් වැලි කැණීම්කර ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබු ටිපර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත. දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසක් මකළුගස්වැව පොලිස් වසමේ තෙන්නකොන්පුර කනත්තපාර ප්‍රදේශයේ නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments